×

මා මැව්වේ කවුද? ඒ කුමකට ද?පවතින සෑම දෙයක්ම මැවුම්කරුවකුගේ පැවැත්ම පෙන්වා දෙයි.

අහස් හා මහපොළොව ද ඒ දෙක අතර පවතින ආවරණය කළ නොහැකි අති විශාල නිර්මාණයන් මැව්වේ කවු ද?

අහස් හි හා මහපොළොවෙහි සූක්ෂතම හා විස්තීරණ පද්ධතිය නිර්මාණය කළේ කවු ද?

මිනිසා නිර්මාණය කර, ඔහුට ඇසීම, පෙනීම සහ බුද්ධිය ලබා දී ඔහුට දැනුම ලබන්නට සහ කරුණු අවබෝධ කර ගන්නට හැකියාව ලබා දුන්නේ කවු ද?

ඔබේ ශරීරයේ පද්ධතිවල සහ ජීවීන්ගේ ශරීරවල මෙම නිශ්චිත කාර්යය ඔබ පැහැදිලි කරන්නේ කෙසේද? එය නිර්මාණය කළේ කවුද?

මෙම මහා විශ්වය, වසර ගණනාවක් පුරා නිශ්චිතව නියාමනය වෙමින්, එහි නීති සමඟ සංවිධානය වී ස්ථාවරව පිහිටනුයේ කෙසේ ද?

මේ ලෝකය පාලනය කරන පද්ධති (ජීවය, මරණය, ජීවීන්ගේ ප්රජනනය, රාත්රිය හා දහවල, සෘතු වෙනස් වීම යනාදිය) ස්ථාපිත කළේ කවුද?

මෙම විශ්වය එය විසින්ම නිර්මාණය වූවක් ද? එසේ නැතිනම් කිසිවක් නැතිව බිහි වූයේ ද? එසේත් නැතිනම් අහම්බෙන් බිහි වූයේ ද?

පුද්ගලයෙකු තමාට නොපෙනෙන (සංජානනය, මනස, ආත්මය, හැඟීම් සහ ආදරය වැනි) දේවල පැවැත්ම විශ්වාස කරන්නේ ඇයි? එය ඔහු ඒවායේ බලපෑම් දකින නිසා නොවේ ද? මිනිසකු මේ මහා විශ්වයේ මැවුම්කරුවකුගේ මැවීම්වල බලපෑම මෙන්ම ඔහුගේ නිර්මාණයේ සහ ඔහුගේ දයාවේ බලපෑම දකිමින් ඔහුගේ පැවැත්ම ප්රතික්ෂේප කරන්නේ කෙසේද?

කිසිවකුගේ නිර්මාණයෙන් තොරව මෙම නිවස ඇතිවිය. එසේ නැතහොත් මෙම නිවස නිර්මාණය වූයේ කිසිවක් නොමැතිව ය යැයි පැවැසීම කිසිම කෙනෙක් පිළිගන්නේ නැත. එසේනම් මේ මහා විශ්වය මැවුම්කරුවෙකු නොමැතිව ඇති වූවක් යැයි පවසන සමහරු, එය සහතික කරන්නේ කෙසේද? විශ්වයේ මෙම නිශ්චිත පද්ධතිය අහම්බෙන් ඇති වූවක් යැයි පැවසීම බුද්ධිමත් කෙනෙකුට පිළිගත හැක්කේ කෙසේද?

උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:(أَمۡ خُلِقُواْ مِنۡ غَيۡرِ شَيۡءٍ أَمۡ هُمُ ٱلۡخَٰلِقُونَ، أَمۡ خَلَقُواْ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَۚ بَل لَّا يُوقِنُونَ). "එසේ නැතහොත් කිසිවක් නොමැති ව ඔවුන් මවනු ලැබුවෝ ද? එසේ නැතහොත් මවන්නෝ ඔවුහුම ද? එසේ නැතහොත් ඔවුහු අහස් හා මහපොළොව මැව්වෝද? එසේ නොව ඔවුහු තරයේ විශ්වාස නොකරති."(අත්-තූර් 52:35,36)

උත්තරීතර හා පාරිශුද්ධ වූ අල්ලාහ්

මෙහි ඇත්තේ එක් පරමාධිපතියකු එක් මැවුම්කරුවකු පමණය. ඔහුගේ පරිපූර්ණත්වය පෙන්වා දෙන අති මහත් ගුණාංග හා නාම ඔහු සතුව ඇත. ඔහුගේ නාම අතරින් කිහිපයක් මෙසේය: 'අල්-කාඃලික්' (මැවුම්කරු), 'අර්-රහීම්' (මහාකාරුණික), 'අර්-රස්සාක්' (පෝෂක), 'අල්-කරීම්' ත්යාගශීලී. උත්තරීතර පරමාධිපතියාණන්ගේ නාම අතරින් වඩාත් ප්රසිද්ධ වනුයේ 'අල්ලාහ්' යන නාමයයි. එහි අර්ථය නම් නැමදුමට ඔහු පමණක් සුදුස්සා වන බවත් ඔහුට කිසිදු හවුල්කරුවකු නොවන බවත්ය.

ශුද්ධ වූ අල් කුර්ආනයේ අල්ලාහ් මෙසේ පවසයි: (1)﴿قُلۡ هُوَ ٱللَّهُ أَحَدٌ (නබි මුහම්මද්!) පවසනු. ඔහු, එනම් අල්ලාහ් ඒකීයය.* ٱللَّهُ ٱلصَّمَدُ *අල්ලාහ් ස්වාධීනය. (කිසිම අවශ්යතාවයක් නොමැත්තාය.)*لَمۡ یَلِدۡ وَلَمۡ یُولَدۡ *ඔහු ජනිත නො කළේ ය. තවද ඔහු ජනිත කරනු නො ලැබුවේ ය.*وَلَمۡ یَكُن لَّهُۥ كُفُوًا أَحَدُۢ﴾ *තවද ඔහුට සමාන කිසිවෙකු නැත.)(112:1-4)

උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත.﴿اللَّهُ لا إِلَهَ إِلَّا هُوَ الْحَيُّ الْقَيُّومُ لا تَأْخُذُهُ سِنَةٌ وَلا نَوْمٌ لَهُ مَا فِي السَّمَوَاتِ وَمَا فِي الأَرْضِ مَنْ ذَا الَّذِي يَشْفَعُ عِنْدَهُ إِلَّا بِإِذْنِهِ يَعْلَمُ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ وَلا يُحِيطُونَ بِشَيْءٍ مِنْ عِلْمِهِ إِلَّا بِمَا شَاءَ وَسِعَ كُرْسِيُّهُ السَّمَوَاتِ وَالأَرْضَ وَلا يَئُودُهُ حِفْظُهُمَا وَهُوَ الْعَلِيُّ الْعَظِيمُ﴾ (අල්ලාහ් වන ඔහු හැර වෙනත් දෙවිඳෙකු නැත. ඔහු සදා ජීවමාන ය, සදා පැවැත්මක් ඇත්තා ය. මඳ නින්ද හෝ (තද) නින්ද ඔහු ව ග්රහණය නොකරන්නේය. අහස් හි ඇති දෑ ද මහපොළොවේ ඇති දෑ ද ඔහු සතු ය. ඔහු අනුමැතිය දුන් අය මිස ඔහු අබියස මැදිහත්වන්නෙකු විය හැක්කේ කවරෙකුට ද? ඔවුනට ඉදිරියේ ඇති දෑ ද ඔවුනට පසුපසින් ඇති දෑ ද ඔහු දන්නේය. ඔහු අභිමත වූ පරිදි මිස ඔහුගේ දැනුමෙන් කිසිවක් ඔවුහු ග්රහණය නොකරති. ඔහුගේ ආසනය අහස් හි හා මහපොළොවෙහි ව්යාප්ත ව ඇත. ඒ දෙක ආරක්ෂා කිරීම ඔහුට දුෂ්කර නොවේ. තව ද ඔහු අති උත්තරීතර ය. මහෝත්තම ය.)(2:255)

උත්තරීතර ශුවිසුද්ධයාණන්ගේ ගුණාංග

මහපොළොව මවා එය වසඟ කළේ පරමාධිපතියාණන්ය. එය මැවීම්වලට සුදුසු පරිදි ඔහු එය නිර්මාණය කළේය. අහස් මැව්වේ ද ඒ අතර ඇති සියලුම අති විශාල මැවීම් මැව්වේ ද ඔහුය. හිරු, සඳු, රාත්රිය, දහවල නිර්මාණය කළේ ද ඔහුය. මේ සියුම් පාලන කිරීම ඔහුගේ ශ්රේෂ්ඨත්වය පෙන්නුම් කරයි.

සුළඟ අපට වසඟ කර දුන්නේ ඔහු ය. ඉන් තොරව අපට ජීවිතයක් නැත. අප වෙත වර්ෂා පතනය කර මුහුදු හා ගංගාවන් වසඟ කර දුන්නේ ද ඔහු ය. කිසිදු හැකියාවකින් තොරව අපගේ මව්වරුන්ගේ කුසවල අපි කළලයක ස්වරූපයෙන් සිටිය දී අපට ආහාර සපයා අප ආරක්ෂා කළේ ඔහු ය. අප උපන් දා පටන් මරණය දක්වාම අපේ නහරවල් ඔස්සේ රුධිරය ගමන් කරවන්නා ඔහු ය.

උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:﴿وَاللَّهُ أَخْرَجَكُمْ مِنْ بُطُونِ أُمَّهَاتِكُمْ لَا تَعْلَمُونَ شَيْئًا وَجَعَلَ لَكُمُ السَّمْعَ وَالْأَبْصَارَ وَالْأَفْئِدَةَ لَعَلَّكُمْ تَشْكُرُونَ﴾ "නුඹලාගේ මව්වරුන්ගේ කුසවල් තුළින් නුඹලා කිසිවක් නොදැන සිටි තත්ත්වයේ නුඹලා ව බැහැර කළේ අල්ලාහ්ය. තවද ඔහු නුඹලාට ශ්රවණය ද බැල්ම ද හදවත් ද ඇති කළේය. නුඹලා කෘතවේදී විය හැකි වනු පිණිස."(78:16)

නැමදුම් ලබන පරමාධිපතියාණන් පූර්ණවත් ගුණාංග තුළින් වර්ණනා කරනු ලබන්නෙකු විය යුතුය.

අපගේ මැවුම්කරු ඔහුගේ ශ්රේෂ්ඨත්වය අවබෝධ කර ගන්නා බුද්ධිය අපට ලබා දුන් අතර, ඔහුගේ පරිපූර්ණත්ව ය පෙන්නුම් කරන සහ ඔහු අසම්පූර්ණකමෙන් සංලක්ෂිත කළ නොහැකි සහජ ස්වභාවයක් අප තුළ ඇති කළේය.

නැමදුම සර්වබලධාරී අල්ලාහ්ට පමණක් විය යුතුය. මන්ද නැමදුමට සුදුසු පරිපූර්ණ ගුණාංග ඔහු සතු වන බැවිනි. ඔහු හැර නැමදුම් ලබන සියල්ල ව්යාජය, අසම්පූර්ණය. තවද, මරණයට හා විනාශයට ලක් වේ.

නැමදුම් ලබන්නා, මිනිසකු හෝ පිළිමයක් හෝ ගසක් හෝ සතෙකු හෝ විය නො හැක.

පරිපූර්ණ අයකුට හැර වෙනත් කිසිවකුට හෝ නැමදීම බුද්ධිමත් අයකුට සුදුසු නොවේ. එසේ නම් අඩුපාඩු සහිත පහත් මැවීමකට නැමදුම් කළ හැක්කේ කෙසේ ද?

පරමාධිපතියාණන් වනාහි කාන්තාවකගේ කුසේ වැඩෙන කළලයක් බවට පත්ව, දරුවන් උපත ලබන සේ මෙලොවට බිහිවිය නොහැක.

සියලු මැවීම් මැව්වේ පරමාධිපතියාණන් වන ඔහුය. සියලු මැවීම් ඇත්තේ ඔහුගේ අතෙහිය. ඔහුගේ ආධිපත්යය යටතේය. ඔහුට කිසිදු හානියක් කිරීමට මිනිසාට නොහැක. එමෙන්ම ඔහුව කුරිසියේ දමා ඇණ ගැසීමට හෝ ඔහුට දඬුවම් පමුණුවීමට හෝ ඔහුව අවමානයට පත් කිරීමට හෝ කිසිවකුට නොහැකිය.

පරමාධිපතියාණන් මිය යන්නේ නැත.

පරමාධිපතියාණන් වන ඔහුට අමතක වන්නේ නැත. නින්ද යන්නේ ද නැත. ආහාර පාන අනුභව කරන්නේ ද නැත. ඔහු සර් වබලධාරීය. ඔහුට කිසිවෙක් සහකාරියක හෝ දරුවකු හෝ විය නොහැක. එහෙයින් මැවුම්කරු වනාහි ඔහුට අතිමහත් ගුණාංග ඇත. අවශ්යතා ඇත්තෙකු හා අඩුපාඩු වලින් හෙබි අයකු ලෙස ඔහු විස්තර කෙරෙන්නේ නැත. මැවුම්කරුගේ සර්ව බලධාරිත්වයට පටහැනිව වක්තෘවරුන් වෙත සම්බන්ධ කරමින් පවසන සියලුම ප්රකාශ ව්යාජ ප්රකාශ වන අතර එය මූසා, ඊසා හෝ වෙනත් නබිවරුන් විසින් ගෙන ආ නිවැරදි දිව්යය ප්රකාශ නොවේ.

උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:يَا أَيُّهَا النَّاسُ ضُرِبَ مَثَلٌ فَاسْتَمِعُوا لَهُ إِنَّ الَّذِينَ تَدْعُونَ مِنْ دُونِ اللَّهِ لَنْ يَخْلُقُوا ذُبَابًا وَلَوِ اجْتَمَعُوا لَهُ وَإِنْ يَسْلُبْهُمُ الذُّبَابُ شَيْئًا لَا يَسْتَنْقِذُوهُ مِنْهُ ضَعُفَ الطَّالِبُ وَالْمَطْلُوبُ (73) "අහෝ ජනයිනි! උපමාවක් ගෙන හැර පෙන්වන ලදී. එහෙයින් නුඹලා එයට සවන් දෙනු. නියත වශයෙන්ම අල්ලාහ් හැර දමා, නුඹලා ඇරයුම් කරන අය වනාහි ඔවුන් සියලු දෙනා එකතු වුවද මැස්සෙකු හෝ ඔවුනට මැවිය නොහැක්කේමය. මැස්සා ඔවුන්ගෙන් යමක් පැහැර ගත්තේ නම් උගෙන් එය ඔවුන් මුදවා ගන්නට පවා ඔවුනට නොහැක. අයැදින්නා හා අයැදිනු ලබන්නා දුර්වල විය." (73)مَا قَدَرُوا اللَّهَ حَقَّ قَدْرِهِ إِنَّ اللَّهَ لَقَوِيٌّ عَزِيزٌ (74) "අල්ලාහ් ව ගරු කළ යුතු ප්රමාණයට ඔවුහු ඔහුට ගරු නොකළෝය. නියත වශයෙන්ම අල්ලාහ් අති බලවත්ය; සර්ව බලධාරීය." (74)(22: 73,74)

දිව්ය පණිවිඩයෙන් තොරව මැවුම්කරු අප අත්හැර දැමිය හැකි ද?

අල්ලාහ් කිසිදු අරමුණකින් තොරව මේ සියලු මැවීම් නිර්මාණය කර තිබිය හැකි ද? ඔහු ඒවා නිකමට නිර්මාණ ය කළේ ද? ඔහු මහා ප්රඥාවන්තය. සර්වඥානීය.

මෙතරම් නිරවද්යතාවයකින් හා ප්රවීණතාවයකින් අපව නිර්මාණය කර අහසේ හා මහපොළොවේ ඇති සෑම දෙයක්ම අපට වසඟ කර දුන් තැනැත්තා අරමුණකින් තොරව අපව නිර්මාණය කර තිබිය හැකි ද? එසේ නැතහොත් "ඇයි අපි මෙතන? මරණයෙන් පසු කුමක් ද? අපගේ නිර්මාණයේ අරමුණ කුමක්ද?" යනාදී අපව යොමු කරවන වැදගත්ම ප්රශ්නවලට පිළිතුරක් නොමැතිව අපව නිකරුණේ අත්හැර දමයි ද?

අපගේ පැවැත්මේ අරමුණ හා අපෙන් අපේක්ෂා කරනුයේ කුමක් දැයි යන්න අප දැනුගනු පිණිස අල්ලාහ් දූතවරු එව්වේය.

එමෙන්ම, 'නැමදුමට සුදුස්සා අල්ලාහ් පමණක් වන වග අපට දන්වා සිටිනු පිණිසත්, අප ඔහුට නැමදිය යුත්තේ කෙසේදැ?යි අපි දැනගනු පිණිසත්, ඔහුගේ නියෝග හා තහනම් නියෝග ඔවුන් අපට දන්වා සිටිනු පිණිසත්, අප පිළිපදින්නේ නම් එවිට අපගේ ජීවිත යහකමින් හා සමෘද්ධියෙන් ආවරණය කෙරෙන උසස් ඍජු මාර්ගය අපට දන්වා සිටිනු පිණිසත්' අල්ලාහ් දූතවරුන් එවා සිටියේය.

(නූහ්, ඉබ්රාහීම්, මූසා හා ඊසා වැනි) දූතවරුන් බොහෝමයක් අල්ලාහ් එවා ඇත. ඔවුන්ගේ සත්යභාවය හා සැබැවින්ම ඔවුන් මැවුම්කරු වෙතින් එවනු ලැබූවන් බව සහතික කරනු පිණිස සාධක හා ප්රාතිහාර්යයන් එම දූතවරුන්ට අල්ලාහ් පිරිනැමීය.

දූතවරුන් අතරින් අවසන් දූතයා වනුයේ මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ය. අල්ලාහ් එතුමාණන් වෙත ශුද්ධ වූ අල් කුර්ආනය පහළ කළේය.

සැබැවින්ම මෙම ජීවිතය පරීක්ෂණයක් බවත්, සැබැවින්ම සැබෑ ජීවිතය මරණයෙන් පසුව පිහිටන්නක් බවත් පෙන්වා දෙමින් සෑම පැහැදිලි කිරීමක්ම එම දූතවරු අප වෙත පැහැදිළි කර සිටියහ.

එමෙන්ම කිසිදු හවුල්කරුවකුගෙන් තොරව අල්ලාහ්ට පමණක් නැමදුම් කළ, සියලු දූතවරුන් විශ්වාස කළ, දේව විශ්වාසී මුඃමින්වරුන්ට ස්වර්ගය එහි ඇති අතර, අල්ලාහ් සමග වෙනත් දෙවිවරුන් නැමදුමට ගත් හෝ අල්ලාහ්ගේ දූතවරුන් අතරින් යම් කිසි දූතයකු හෙළා දුටු දේවත්වය ප්රතික්ෂේප කළ කාෆිර් වරුන්ට අල්ලාහ් සූදානම් කර ඇති නිරය ද එහි ඇත.

උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:

يَابَنِي آدَمَ إِمَّا يَأْتِيَنَّكُمْ رُسُلٌ مِنْكُمْ يَقُصُّونَ عَلَيْكُمْ آيَاتِي فَمَنِ اتَّقَى وَأَصْلَحَ فَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ (35) අහෝ ආදම්ගේ දරුවනි! මාගේ වදන් නුඹලාට පවසන, නුඹලා අතරින් වූ ධර්ම දූතවරු නුඹලා වෙත පැමිණියේ නම්, එවිට කවරෙකු දේව බිය හැඟීමෙන් කටයුතු කොට තමන්ව හැඩගස්වා ගත්තේ ද එවිට ඔවුන් කෙරෙහි කිසිදු බියක් නොමැත. තවද ඔවුහු දුකට පත් නො වෙති. (35)وَالَّذِينَ كَذَّبُوا بِآيَاتِنَا وَاسْتَكْبَرُوا عَنْهَا أُولَئِكَ أَصْحَابُ النَّارِ هُمْ فِيهَا خَالِدُونَ (36) තවද, කවරෙකු අපගේ වදන් බොරු කොට ඒ පිළිබඳ (විශ්වාස කිරීම ගැන) උඩඟු වන්නේද, ඔවුහු නිරා ගින්නේ සගයෝය. ඔවුහු එහි සදාතනිකයෝ වෙති. (36)(7: 35,36)

තව ද අල්ලාහ් මෙසේ ද පවසා ඇත:﴿ أَفَحَسِبْتُمْ أَنَّمَا خَلَقْنَاكُمْ عَبَثًا وَأَنَّكُمْ إِلَيْنَا لَا تُرْجَعُونَ ﴾ "නියත වශයෙන්ම අපි නුඹලා නිකමට මවා ඇතැයි ද නියත වශයෙන්ම නුඹලා අප වෙත නැවත හැරී නොඑනු ඇතැයි ද නුඹලා සිතුවෙහු ද?"(23:115)

පාරිශුද්ධ අල් කුර්ආනය

ශුද්ධ වූ අල් කුර්ආනය යනු අවසන් දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පහළ කළ අල්ලාහ්ගේ ප්රකාශය වේ. මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ නබිත්වය තහවුරු කරන අතිමහත් ප්රාතිහාර්යය එයයි. තීන්දු තීරණවල දී එය ඉතා නිවැරදිය. තොරතුරු දන්වා සිටීමේ ද වඩාත් සත්යය. මෙවන් කුර්ආනයක් මෙන් එක් පරිච්ඡේදයක් හෝ ගෙන එන මෙන් අල්ලාහ් එය බොරුකළ අයට අභියෝග කළේය. එහි වාග් ශෛලියේ අලංකාරය සහ එහි වචනවල කෞශල්යතාවය නිසා එසේ කිරීමට ඔවුහු අපොහොසත් වූහ. සැබැවින්ම මෙම ග්රන්ථය මිනිස් නිර්මාණයක් නොව මිනිසාගේ උත්තරීතර පරමාධිපතියාණන්ගේ ප්රකාශයක් බව පෙන්වා දෙන බුද්ධිමය සාධක හා විද්යාත්මක යථාර්ථයන් බොහෝමයක් එහි ඇතුළත්ව ඇත.

මෙතරම් දූතවරු සංඛ්යාවක් කුමකට ද?

ජනතාව, ඔවුන්ගේ පරමාධිපතියාණන් වෙත කැඳවනු පිණිසත් ඔහුගේ නියෝග හා තහනම් නියෝග ඔවුනට දන්වා සිටිනු පිණිසත් ආරම්භ කාලයේ පටන් අල්ලාහ් දූතවරුන් එව්වේය. ඔවුන් සියලු දෙනාගේම ඇරයුම වූයේ සර්ව බලධාරී අල්ලාහ්ට පමණක් නැමදුම් කළ යුතු බවයි. සමූහයක් ඔවුන්ගේ දූතයා ඔවුන් වෙත ගෙන ආ ඒක දේවත්වයයේ පණිවිඩය ඔවුන් අත්හැර දැමූ විටෙක, එය විකෘති වූ විටෙක එම ගමන නිවැරදි කරනු පිණිස වෙනත් දූතයකුට එය පවරා සිටියේය. ඔහු අල්ලාහ්ගේ ඒකීයත්වය හා ඔහුට අවනත විය යුතු යැයි අවධාරණය කරමින් සහජ බුද්ධිය වෙත මිනිසා යොමු කරවීය. එලෙස දූතයන් යැවීමේ කාර්යය මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගෙන් අල්ලාහ් අවසන් කරන තෙක්ම පිහිටින. ඔහු ලොව අවසන් දිනය දක්වාම සියලුම මිනිසුන් හට පොදු වූ ද සදාතනික වූ ද නීති සංග්රහයක් ගෙන ආහ. එය සම්පූර්ණවත් මෙන්ම පෙර පැවති නීති සංග්රහයන් සංශෝධනය කරන්නක් විය. මෙම නීති සංග්රහයට හා පණිවිඩයට ලොව අවසන් දිනය දක්වා පැවැත්ම හා සදාතනිකත්වය සර්ව බලධාරී අල්ලාහ් නියම කළේය.

එබැවින් මුස්ලිම්වරු වන අපි -අල්ලාහ් නියෝග කළ පරිදි- සියලුම දූතවරුන් හා පෙර පැවති ආගම් විශ්වාස කරන්නෙමු.

උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:﴿ءَامَنَ ٱلرَّسُولُ بِمَاۤ أُنزِلَ إِلَیۡهِ مِن رَّبِّهِۦ وَٱلۡمُؤۡمِنُونَۚ كُلٌّ ءَامَنَ بِٱللَّهِ وَمَلَـٰۤىِٕكَتِهِۦ وَكُتُبِهِۦ وَرُسُلِهِۦ لَا نُفَرِّقُ بَیۡنَ أَحَدࣲ مِّن رُّسُلِهِۦۚ وَقَالُوا۟ سَمِعۡنَا وَأَطَعۡنَاۖ غُفۡرَانَكَ رَبَّنَا وَإِلَیۡكَ ٱلۡمَصِیرُ﴾ "තම පරමාධිපතිගෙන් තමන් වෙත පහළ කරනු ලැබූ දෑ පිළිබඳ ව ධර්ම දූතයා විශ්වාස කළේය. විශ්වාස කළවුන් ද (විශ්වාස කළෝය.) සියල්ලෝම අල්ලාහ්ව ද ඔහුගේ දේව ග්රන්ථ ද ඔහුගේ ධර්ම දූතයින්ව ද විශ්වාස කළෝය. ඔහුගේ ධර්ම දූතයින් අතරින් කිසිවෙකු අතර හෝ අපි වෙනස්කම් ඇති නො කරන්නෙමු. තවද අපි සවන් දුනිමු. අවනත වූයෙමු. අපගේ පරමාධිපතියාණෙනි, ඔබෙන් සමාව පතන්නෙමු. තවද යොමු වන ස්ථානය ඇත්තේ ඔබ වෙතය යැයි ඔවුහු පැවසුවෝය."[2: 285]. (2: 285)

සියලුම දූතවරුන් විශ්වාස කරන තෙක් පුද්ගලයකු දේව විශ්වාසී මුඃමින්වරයකු වන්නේ නැත.

දූතවරුන් එව්වේ අල්ලාහ්ය. ඔවුන් අතරින් කෙනෙකුගේ දූත මෙහෙය කිසිවකු විසින් ප්රතික්ෂේප කළේ නම්, සැබැවින්ම ඔහු සියලු දෙනා ප්රතික්ෂේප කළේය. මිනිසා විසින් අල්ලාහ්ගේ දිව්ය පණිවිඩය ප්රතික්ෂේප කිරීමට වඩා මහත් පාපයක් වෙනත් නැත. සියලුම දූතවරුන් විශ්වාස කිරීම තුළින් ස්වර්ගය ට පිවිසීම අනිවාර්යය වනු ඇත.

මෙම කාලයේ වෙසෙන සෑම කෙනෙකුටම සියලුම දූතවරුන් විශ්වාස කිරීම අනිවාර්යය වේ. ඔවුන් අතරින් වූ අවසන් දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ව විශ්වාස කොට ඔහුව අනුගමනය කිරීමෙන් මිස එය සිදු වන්නේ නැත.

අල්ලාහ්ගේ දූතවරුන් අතරින් කිසියම් දූතයකු ගැන අවිශ්වාසයක් ඇති කර ගන්නා අල්ලාහ්ව ප්රතික්ෂේප කළ, ඔහුගේ පණිවිඩය බොරු කළ අයකු වේ යැයි ශුද්ධ වූ අල්-කුර්ආනයේ අල්ලාහ් මෙනෙහි කර ඇත.

පහත සඳහන් පාඨය කියවා බලන්න."إنَّ الَّذِينَ يَكْفُرُونَ بِاللَّهِ ورُسُلِهِ ويُرِيدُونَ أنْ يُفَرِّقُوا بَيْنَ اللَّهِ ورُسُلِهِ ويَقُولُونَ نُؤْمِنُ بِبَعْضٍ ونَكْفُرُ بِبَعْضٍ ويُرِيدُونَ أنْ يَتَّخِذُوا بَيْنَ ذَلِكَ سَبِيلًا "සැබැවින්ම අල්ලාහ් හා ඔහුගේ රසූල්වරුන් ප්රතික්ෂේප කර, අල්ලාහ් හා ඔහුගේ රසූල්වරු අතර වෙන් කර, 'ඇතැමුන් ව අපි විශ්වාස කරමු. එමෙන්ම ඇතැමුන් ව අපි ප්රතික්ෂේප කරමු' යැයි පවසා මේ (විශ්වාසය හා ප්රතික්ෂේපය) අතර මඟක් ගන්නට අපේක්ෂා කරන අය වනාහී…" (150)أُولَئِكَ هُمُ الكافِرُونَ حَقًّا وأعْتَدْنا لِلْكَفَرَيْنِ عَذابًا مُهِينًا﴾". "සැබෑ ලෙසින් ප්රතික්ෂේප කළවුන් මොවුහු ම ය. තවද අපි ප්රතික්ෂේපකයින්ට නින්දනීය දඬුවමක් සූදානම් කර ඇත්තෙමු."(4: 150,151)

ඉස්ලාම් යනු කුමක් ද?

ඉස්ලාම් යනු අල්ලාහ්ගේ ඒකීයත්වය පිළිගෙන උත්තරීතර ඔහුට යටත් වීම, නැමදුම් ඉටු කරමින් ඔහුට අවනත වීම හා ඔහුගේ නීති පිළිවෙත පිළිගැනීමෙන් හා තෘප්තියෙන් යුතුව අනුගමනය කිරීම.

අල්ලාහ් සියලුම දූතවරුන් එවා සිටියේ එකම පණිවිඩයක් සඳහාය. එනම්: අල්ලාහ්ට පමණක් නැමදුම් කිරීමට හා ඔහුට කිසිදු හවුල්කරුවකු නියම නොකිරීමටය.

ඉස්ලාමය යනු සියලුම වක්තෘවරුන්ගේ දහමයි. ඔවුන්ගේ පිළිවෙත් විවිධ වුව ද ඔවුන්ගේ ඇරයුම එකක් විය. වර්තමාන මුස්ලිම්වරු සියලුම නබිවරුන් ගෙන ආ නිවැරදි දහම පිළිපදින, ඒකීය දේවත්වය පිළිගෙන සිටිනා අය වෙති. වර්තමානයේ පවතින ඉස්ලාමය, එයයි සත්යය. අවසන් දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දූතයකු ලෙස එවූ පරමාධිපතියාණන්මය එතුමාණන්ට පෙර පැමිණි ඉබ්රාහීම්, මූසා, ඊසා යනාදී දූතවරුන් එව්වේ. ඉස්ලාමයේ පිළිවෙත ඊට පෙර පැවති පිළිවෙත් අහෝසි කරන්නක් විය.

-ඉස්ලාමය හැර- වර්තමානයේ මිනිසුන් අදහන සියලුම ආගම් මිනිසා විසින් නිර්මාණය කරන ලද ආගම් වේ. එසේ නැතහොත් ආරම්භයේ දිව්ය ආගමක් ලෙස තිබී පසුව මිනිසුන්ගේ අත ගැසීම් තුළින් එය මිථ්යා සුන්බුන්, උරුම වූ ජනප්රවාද සහ මිනිස් උත්සාහයන්ගේ මිශ්රණයක් බවට පත් විය. මුස්ලිම්වරුන්ගේ ප්රතිපත්තිය වනාහි, එය වෙනස් නොවන පැහැදිලි එකම ප්රතිපත්තියකි. ශුද්ධ වූ අල් කුර්ආනය දෙස බලන්න. සියලුම මුස්ලිම් රටවල්වල දකින්නට ලැබෙන එකම ග්රන්ථය එය වේ.

උත්තරීතර අල්ලාහ් අල්-කුර් ආනයේ මෙසේ පවසා සිටියි:

قُلْ آمَنَّا بِاللَّهِ وَمَا أُنْزِلَ عَلَيْنَا وَمَا أُنْزِلَ عَلَى إِبْرَاهِيمَ وَإِسْمَاعِيلَ وَإِسْحَاقَ وَيَعْقُوبَ وَالْأَسْبَاطِ وَمَا أُوتِيَ مُوسَى وَعِيسَى وَالنَّبِيُّونَ مِنْ رَبِّهِمْ لَا نُفَرِّقُ بَيْنَ أَحَدٍ مِنْهُمْ وَنَحْنُ لَهُ مُسْلِمُونَ (84) "අපි අල්ලාහ් ව විශ්වාස කරමු. තව ද අප වෙත පහළ කළ දෑ ද ඉබ්රාහීම්, ඉස්මාඊල්, ඉස්හාක්, යඃකූබ් හා අස්බාත් (හෙවත් ඔවුන් ගේ පරපුර) වෙත පහළ කළ දෑ ද, මූසා හා ඊසා වෙත පිරිනමනු ලැබූ දෑ ද, තම පරමාධිපතිගෙන් නබි වරුන් ට පිරිනමනු ලැබූ දෑ ද විශ්වාස කරමු. ඔවුන් අතුරින් කිසිවෙකු ව අපි වෙන් නොකරමු. තව ද අපි ඔහු ට අවනත වූවෝ වෙමු." යැයි නුඹ පවසනු." (84)وَمَنْ يَبْتَغِ غَيْرَ الْإِسْلَامِ دِينًا فَلَنْ يُقْبَلَ مِنْهُ وَهُوَ فِي الْآخِرَةِ مِنَ الْخَاسِرِينَ 85). "කවරෙකු ඉස්ලාමය හැර වෙනත් දහමක් සොයන්නේ ද එවිට ඔහුගෙන් කිසිවක් පිළිගනු නොලබන්නේ ම ය. තවද ඔහු මතු ලොවෙහි අලාභ වන්තයින් අතරින් කෙනෙකි." (85)(3:84,85)

ඊසා (අලයිහිස් සලාම්) හෙවත් ජේසු තුමා පිළිබඳ මුස්ලිම්වරුන් දරන මතය කුමක් ද?

අල්ලාහ්ගේ නබිවරයකු වූ ඊසා තුමාව මුස්ලිම්වරු විශ්වාස කරන බවත්, එතුමාට ඔවුන් ආදරය කරන බවත්, එතුමාට ඔවුන් ගරු කරන බවත්, කිසිදු හවුලක් නැති එකම දෙවියන් වෙත ඇරයුම් කර සිටි එතුමාගේ දිව්ය පණිවිඩය විශ්වාස කරන බවත් ඔබ දන්නෙහිද? සැබැවින්ම නබි ඊසා සහ නබි මුහම්මද් (සල්ලල්ලාහු අලයිහිමස් සලාම්) යන දෙදෙනාම වක්තෘවරුන් දෙදෙනෙක් බවත් අල්ලාහ්ගේ මාර්ගය වෙත හා ස්වර්ගයේ මාර්ගය වෙත ජනයාට මඟ පෙන්වීම සඳහා ඔවුන් දෙදෙනා එවා ඇති බවත් මුස්ලිම්වරු විශ්වාස කරති.

නියත වශයෙන්ම ඊසා (අලයිහිස් සලාම්) තුමා අල්ලාහ් විසින් එවන ලද ධර්ම දූතවරුන් අතරින් ඉතා විශිෂ්ඨ ධර්ම දූතයකු ලෙස අපි විශ්වාස කරමු. එමෙන්ම ඔහු ප්රාතිහාර්යමය අයුරින් උපත ලැබූ බවත් අපි විශ්වාස කරමු. ආදම් (අලයිහිස් සලාම්) තුමා පියකු හෝ මවකු හෝ නොමැතිව මවනු ලැබුවා සේ පියකු නොමැතිව ඊසා (ජේසු) තුමා බිහි කළ බව අල් කුර්ආනයේ අල්ලාහ් අපට දැනුම් දී ඇත. අල්ලාහ් සියලු දෑ කෙරෙහි සර්ව බලධාරීය.

සැබැවින්ම ඊසා (ජේසු) තුමා දෙවියකු නොවන බවත් දෙවියන්ගේ පුත්රයා නොවන බවත් අපි විශ්වාස කරමු. සැබැවින්ම එතුමාව කුරිසියේ බැඳ ඇණ ගසනු ලැබුවේ නැති බවත් අපි විශ්වාස කරම. එතුමාණන් ජීවමානය. අවසන් කාලයේ යුක්තිය ඉටු කරන්නෙකු හා තීන්දු ලබා දෙන්නෙකු ලෙස එතුමාව පහළ කිරීම සඳහා අල්ලාහ් එතුමාව ඉහළට ඔසවා ගත්තේය. මුස්ලිම්වරු ජේසු තුමා හා සෙසු නබිවරුන් ගෙන ආ ඒකදේව සංකල්පය විශ්වාස කරන්නන් ලෙස සිටින බැවින් එතුමා මුස්ලිම්වරුන් සමග සිටිනු ඇත.

සැබැවින්ම ඊසා (ජේසු) තුමාගේ දූත පණිවිඩය කිතුනුවන් විසින් විකෘති කර ඇති බව ශුද්ධ වූ අල් කුර්ආනයේ අල්ලාහ් අපට දන්වයි. එමෙන්ම ඉන්ජීලය වෙනස් කළ විකෘති කළ ජේසු තුමා නො පැවසූ දෑ එහි එකතු කළ මුළා වූ අය ද වෙති. බයිබලයේ විවිධ පිටපත් දකින්නට ලැබීමත් ඒවායෙහි පරස්පරතාවන් දකින්නට ලැබීමත් එය තහවුරු කරයි.

එමෙන්ම ඊසා (ජේසු) තුමා තම පරමාධිපතියාණන්ට නමදිමින් සිටි බවත් තමන්ට නමදින මෙන් එතුමා කිසිවෙකුගෙන් ඉල්ලා නොසිටි බවත් අල්ලාහ් අපට දන්වා සිටියි. එතුමාණන් තම සමූහයාට නියෝග කර සිටියේ තම මැවුම්කරුට නැමදුම් කරන ලෙසය. නමුත් ෂෙයිතාන් ජේසු තුමාව නමදින්නන් බවට කිතුනුවන්ව පත් කළේය. අල්ලාහ් නොවන දෑට නැමදුම් කරන කිසිවකුටත් අල්ලාහ් කිසිවිටෙක සමාව නොදෙන බවත් සැබැවින්ම ජේසු තුමා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔහුව නැමදූ අයගෙන් නිදොස් වනු ඇති බවත් 'මැවුම්කරුට නමදින මෙන් මම නුඹලාට අණ කර සිටියෙමි. මා නමදින මෙන් මම නුඹලාගෙන් ඉල්ලා නොසිටියෙමි' යැයි ඔහු ඔවුනට පවසා සිටින බවත් අල් කුර් ආනයේ අල්ලාහ් අපට දන්වා සිටියි. මේවා පෙන්වා දෙන උත්තරීතරයාණන්ගෙන් ඇතැම් ප්රකාශ මෙසේය.

﴿یَـٰۤأَهۡلَ ٱلۡكِتَـٰبِ لَا تَغۡلُوا۟ فِی دِینِكُمۡ وَلَا تَقُولُوا۟ عَلَى ٱللَّهِ إِلَّا ٱلۡحَقَّۚ إِنَّمَا ٱلۡمَسِیحُ عِیسَى ٱبۡنُ مَرۡیَمَ رَسُولُ ٱللَّهِ وَكَلِمَتُهُۥۤ أَلۡقَىٰهَاۤ إِلَىٰ مَرۡیَمَ وَرُوحࣱ مِّنۡهُۖ فَـَٔامِنُوا۟ بِٱللَّهِ وَرُسُلِهِۦۖ وَلَا تَقُولُوا۟ ثَلَـٰثَةٌۚ ٱنتَهُوا۟ خَیۡرࣰا لَّكُمۡۚ إِنَّمَا ٱللَّهُ إِلَـٰهࣱ وَ ٰ⁠حِدࣱۖ سُبۡحَـٰنَهُۥۤ أَن یَكُونَ لَهُۥ وَلَدࣱۘ لَّهُۥ مَا فِی ٱلسَّمَـٰوَ ٰ⁠تِ وَمَا فِی ٱلۡأَرۡضِۗ وَكَفَىٰ بِٱللَّهِ وَكِیلࣰا﴾ "ධර්ම ග්රන්ථ ලැබූවනි! නුඹලාගේ දහමෙහි නුඹලා සීමාව ඉක්මවා නොයනු. අල්ලාහ් කෙරෙහි සත්යය මිස (වෙන කිසිවක්) නො පවසනු. සැබැවින්ම මර්යම්ගේ පුත් ඊසා හෙවත් මසීහ් අල්ලාහ්ගේ දූතයෙකි. තවද ඔහුගේ වදනකි. එය මර් යම් වෙත හෙළුවේය. තවද ඔහුගෙන් වූ ආත්මයකි. එබැවින් අල්ලාහ්ව ද ඔහුගේ රසූල්වරු ද විශ්වාස කරනු. ත්රිත්වය යැයි නොපවසනු (එයින්) වැළකෙනු. නුඹලාට යහපත් වනු ඇත. සැබැවින්ම අල්ලාහ් ඒකීය දෙවියාය. ඔහුට දරුවකු වීමෙන් ඔහු පිවිතුරුය. අහස්හි ඇති දෑ ද මිහිතලයේ ඇති දෑ ද ඔහු සතුය. භාරකරු වශයෙන් අල්ලාහ් ප්රමාණවත්ය."(4: 171)

උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත:(وَإِذْ قَالَ اللَّهُ يَا عِيسَى ابْنَ مَرْيَمَ أَأَنتَ قُلْتَ لِلنَّاسِ اتَّخِذُونِي وَأُمِّيَ إِلَٰهَيْنِ مِن دُونِ اللَّهِ ۖ قَالَ سُبْحَانَكَ مَا يَكُونُ لِي أَنْ أَقُولَ مَا لَيْسَ لِي بِحَقٍّ ۚ إِن كُنتُ قُلْتُهُ فَقَدْ عَلِمْتَهُ ۚ تَعْلَمُ مَا فِي نَفْسِي وَلَا أَعْلَمُ مَا فِي نَفْسِكَ ۚ إِنَّكَ أَنتَ عَلَّامُ الْغُيُوبِ "අහෝ මර්යම්ගේ පුත් ඊසා! අල්ලාහ් හැර දමා මා හා මාගේ මව, දෙවිවරුන් දෙදෙනකු ලෙස ගන්නැ යි නුඹ ජනයාට පැවසුවෙහිදැ? යි අල්ලාහ් විමසූ විට "ඔබ අතිපිවිතුරුය. මට උරුම නොමැති දෙයක් මා පැවසීමට මට නොවීය. මා එය පවසා සිටියේ නම් ඔබ එය ගැන දන්නෙහිය. මා තුළ ඇති දෑ ඔබ දන්නෙහිය. ඔබ තුළ ඇති දෑ මම නොදනිමි. සැබැවින්ම ඔබ අදෘශ්යමාන දෑ පිළිබඳ සර්වඥය" යැයි ඔහු පැවසුවේය."(5:116)

මරණින් මතු ජීවිතයෙහි සාර්තකත්වය අපේක්ෂා කරන තැනැත්තා ඉස්ලාමය තුළට පිවිසිය යුතු අතර නබි මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ව පිළිපැදිය යුතු වේ.

නබිවරුන් හා ධර්ම දූතවරුන් ඒකමතිකව පළ කර ඇති යථාර්ථය වනුයේ: උත්තරීතර අල්ලාහ්ව විශ්වාස කර, ඔහුට නැමදුම් කිරීමේ දී කිසිවකුත් හවුල් නොකර, සියලුම නබිවරුන් හා ධර් ම දූතවරුන් විශ්වාස කරන මුස්ලිම්වරුන් හැර වෙනත් කිසිවකු සාර්තක නොවන බවය. මූසා නබි (මොසෙස්) තුමාගේ යුගයේ සිටි ජනයා එතුමාව විශ්වාස කර එතුමාගේ ඉගැන්වීම් අනුගමනය කළෝය. එබැවින් ඔවුහු දෙවියන්ට අවනත වූ මුස්ලිම්වරුන්, දේවත්වය විශ්වාස කළ මුඃමින්වරුන් හා දැහැමියන් වූවෝය. නමුත් ඊසා (ජේසු) තුමාව අල්ලාහ් දූතයකු ලෙස එවීමෙන් පසුව මූසා තුමාව අනුගමනය කළවුන් හට ඊසා තුමාව විශ්වාස කිරීමත් එතුමාව අනුගමනය කිරීමත් අනිවාර්යය විය. කවරෙකු ඊසා (ජේසු) තුමාව විශ්වාස කළේ ද ඔවුහු දෙවියන්ට අවනත වූ මුස්ලිම්වරුන්, දේවත්වය විශ්වාස කළ මුඃමින්වරුන් හා දැහිමියන් වූවෝය. කවරෙකු ඊසා තුමාව විශ්වාස කිරීම ප්රතික්ෂේප කොට, තමන් මූසාගේ දහම මත රැඳී සිටින බව පවසන්නේ ද ඔහු ද දේවත්වය විශ්වාස කළ මුඃමින්වරයකු වන්නේ නැත. ඊට හේතුව අල්ලාහ් එවූ නබිවරයාව විශ්වාස කිරීමට ඔවුහු ප්රතික්ෂේප කළ බැවිනි. පසුව අල්ලාහ් අවසන් දූත මුහම්මද් තුමාණන්ව එවීමෙන් පසු සියලු දෙනා එතුමාණන්ව විශ්වාස කිරීම අනිවාර්යය විය. මූසා හා ඊසා යැවූ පරමාධිපතියාණන්මය අවසන් දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ව ද පහළ කළේ. එබැවින් කවරෙකු මුහම්මද් තුමාණන්ගේ දූත පණිවිඩය ප්රතික්ෂේප කොට තමන් මූසා හෝ ඊසාගේ දහම මත රැඳී සිටින බවට පවසා සිටින්නේ ද, ඔහු ද දේවත්වය විශ්වාස කරන මුඃමින්වරයකු වන්නේ නැත.

සැබැවින්ම තමන් මුස්ලිම්වරුන්ට ගරු කරන බව පුද්ගලයකු පවසා සිටීම ප්රමාණවත් වන්නේ නැත. එමෙන්ම මතුලොව ඔහු ජයග්රහණය ලබන්නට දිළිඳුන් හට දන් දී උපකාර කිරීම ද ප්රමාණවත් වන්නේ නැත. එනමුත් ඔහු අල්ලාහ්, ඔහුගේ ග්රන්ථ, ඔහුගේ දූතවරු, අවසන් දිනය විශ්වාස කරන්නෙකු විය යුතුය. එවිට අල්ලාහ් ඔහුගෙන් එය පිළිගනු ඇත. ෂිර්ක් හෙවත් අල්ලාහ්ට හවුල්කරුවන් පත් කිරීම, කුෆ්ර් හෙවත් අල්ලාහ්ව ප්රතික්ෂේප කිරීම. අල්ලාහ් පහළ කළ දිව්ය පණිවිඩය හෙළා දැකීම හා ඔහුගේ අවසන් නබිවරයා වන මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ව ප්රතික්ෂේප කිරීම යනාදියට වඩා බරපතල වෙනත් පාපයක් නැත. යුදෙව්වන් හා කිතුනුවන් අල්ලාහ්ගේ දූත මුහම්මද් තුමාගේ පැමිණීම ගැන සවන් දී ඇත. නමුත් එතුමාණන් ගැන විශ්වාස කිරීමට ඔවුහු ප්රතික්ෂේප කළෝය. ඉස්ලාම් දහම තුළට පිවිසීමට ප්රතික්ෂේප කළෝය. ඔවුන් අපා ගින්නේ සදාතනකයින් බවට මතු පත්වනු ඇත. උත්තරීතරයාණන් මෙසේ පැවසීය.

{إِنَّ الَّذِينَ كَفَرُوا مِنْ أَهْلِ الْكِتَابِ وَالْمُشْرِكِينَ فِي نَارِ جَهَنَّمَ خَالِدِينَ فِيهَا ۚ أُولَـٰئِكَ هُمْ شَرُّ الْبَرِيَّةِ} "සැබැවින්ම පුස්තක ලත් ජනයා අතරින් වූ ප්රතික්ෂේප කළවුන් හා ආදේශ තබන්නන් නිරා ගින්නෙහිය. ඔවුහු එහි සදාතනිකයෝ වෙති. ඔවුන්මය මැවීම් අතරින් නපුරුම මැවීම වනුයේ."(6:98)

අල්ලාහ්ගෙන් වූ අවසන් පණිවිඩිය මිනිස් සමූහයා වෙත සැබැවින්ම පහළ වීමත් සමග ඉස්ලාමය ගැන සවන් දෙන්නට ලැබෙන, අවසන් දූත නබි මුහම්මද් තුමාණන් ගැන සවන් දෙන්නට ලැබෙන සෑම තැනැත්තෙකුම එතුමාණන්ව විශ්වාස කිරීමත්, එතුමාණන්ගේ පිළිවෙත අනුගමනය කිරීමත්, එතුමාණන්ගේ නියෝග හා තහනම් නියෝග පිළිපැදීමත් අනිවාර්යය වේ. එනිසාවෙන් කවරෙකු මෙම අවසන් පණිවිඩයට සවන් දී එය ප්රතික්ෂේප කරන්නේ ද අල්ලාහ් ඔහුගෙන් කිසිවක් පිළිගන්නේ නැත. මතුලොවෙහි ඔහුට දඬුවම් දෙනු ඇත. ඒ ගැන පෙන්වා දෙන සාධක සහිත අල්ලාහ්ගේ ප්රකාශ මෙසේය.

﴿وَمَن یَبۡتَغِ غَیۡرَ ٱلۡإِسۡلَـٰمِ دِینࣰا فَلَن یُقۡبَلَ مِنۡهُ وَهُوَ فِی ٱلۡـَٔاخِرَةِ مِنَ ٱلۡخَـٰسِرِینَ﴾ "කවරෙකු ඉස්ලාමය හැර වෙනත් දහමක් සොයන්නේ ද, එවිට ඔහුගෙන් කිසිවක් පිළිගනු නොලබන්නේ ම ය. තවද ඔහු මතු ලොවෙහි අලාභවන්තයින් අතරින් කෙනෙකි."(3:85)

උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත.(قُلْ يَا أَهْلَ الْكِتَابِ تَعَالَوْا إِلَىٰ كَلِمَةٍ سَوَاءٍ بَيْنَنَا وَبَيْنَكُمْ أَلَّا نَعْبُدَ إِلَّا اللَّهَ وَلَا نُشْرِكَ بِهِ شَيْئًا وَلَا يَتَّخِذَ بَعْضُنَا بَعْضًا أَرْبَابًا مِّن دُونِ اللَّهِ ۚ فَإِن تَوَلَّوْا فَقُولُوا اشْهَدُوا بِأَنَّا مُسْلِمُونَ) "අහෝ දහම් ලත් ජනයිනි! 'අල්ලාහ් හැර වෙනත් කිසිවෙකු අපි නොනමදිමු. ඔහුට කිසිවක් ආදේශ නොතබමු. අල්ලාහ්ගෙන් තොර ව අප අතුරින් ඇතැමෙකු ඇතැමෙකු ව දෙවියන් ලෙස නොගත යුතු ය' යනුවෙන් අප හා ඔබ අතර වූ පොදු සම්මත වදනක් වෙත පැමිණෙනු" යැයි (නබිවරය) පවසනු. එවිට ඔවුහු (සත්යය පිළි නොගෙන) පිටුපෑවෙහු නම් සැබැවින් ම අපි අවනත වූවන් (මුස්ලිම්වරුන්) බවට නුඹලා සාක්ෂි දරනු යැයි පවසනු."(3:64)

මම මුස්ලිම්වරයකු වීමට මට අවශ්ය වනුයේ කුමක් ද?

ඉස්ලාමය තුළට පිවිසීම සඳහා පහත සඳහන් මූලිකාංග හය විශ්වාස කිරීම අනිවාර්යය වේ.

උත්තරීතර අල්ලාහ්ව විශ්වාස කිරීම. සැබැවින්ම ඔහු මැවුම්කරුය, පෝෂකය, පාලකය, රජුය. ඔහුට සමාන කිසිවක් හෝ කිසිවෙක් නැත. ඔහුට කිසිදු සහකාරියක් හෝ දරුවකු හෝ නොමැත. නැමදුම් ලබන්නට එකම සුදුස්සා ඔහු පමණ ය.

මලක්වරුන් හෙවත් දේව දූතවරුන් පිළිබඳ විශ්වාසය, එනම් ඔවුන් උත්තරීතර අල්ලාහ්ගේ ගැත්තන් පිරිසකි. ඔවුන්ව මවා ඇත්තේ ආලෝකයෙනි. ඔවුන්ගේ සේවාවන් අතරින් ඔහුගේ වක්තෘවරුන් වෙත දිව්ය පණිවිඩ රැගෙන ඔවුන් පහළ වීම ද එකකි.

අල්ලාහ් තම නබිවරුන්ට පහළ කළ (වෙනස් කිරීමට භාජනය වීමට පෙර පැවති තව්රාතය, ඉන්ජීලය වැනි) සියලු පුස්කත පිළිබඳ විශ්වාස කිරීම. එම පුස්තක අතරින් අවසානය වනුයේ ශුද්ධ වූ අල් කුර්ආනයයි.

නූහ්, ඉබ්රාහීම්, මූසා හා ඊසා යනාදී සියලුම ධර්ම දූතවරුන් පිළිබඳ විශ්වාස කිරීම. ඒ අතරින් අවසන් නබිවරයා වනුයේ මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ය. ඔවුන් සියල්ලෝම මිනිසුන් වෙති. දිව්ය පණිවිඩ තුළින් ඔහු ඔවුන් ශක්තිමත් කළේය. ඔවුන්ගේ සත්යයභාවය තහවුරු කරන සාක්ෂි, සාධක හා ප්රාතිහාර්යයන් ඔහු ඔවුනට පිරිනැමුවේ ය.

අවසන් දිනය පිළිබඳ විශ්වාස කිරීම. එනම්, එය මුල් අය මෙන් ම අවසන් අය යන සියල්ලෝම අල්ලාහ් නැවත අවදි කරන දිනයයි. එදින ඔහු ඔහුගේ මැවීම් අතර තීන්දු පිරිනමයි. දේවත්වය විශ්වාස කළ මුඃමින්වරුන් ස්වර්ගයට ඇතුළත් කරන අතර දේවත්වය ප්රතික්ෂේප කළ කාෆිර්වරු න් අපා ගින්නට ඇතුළත් කරනු ඇත.

පෙර නියමය පිළිබඳ විශ්වාසය. එනම් සැබැවින්ම අතීතයේ සිදු වූ දෑ මෙන්ම අනාගතයේ සිදු වන්නට යන සියල්ල පිළිබඳ අල්ලාහ් මැනවින් දනී. සැබැවින්ම අල්ලාහ් ඒවා සටහන් කර තබා ඇත. ඒවා ඔහුගේ අභිමතය අනුව සිදු වේ. සෑම දෙයක්ම මවා ඇත්තේ ඔහුය.

ඉස්ලාමය සතුට සඳහා වන මාර්ගයයි

ඉස්ලාමය සියලුම නබිවරුන්ගේ දහමයි. එය අරාබිවරුන්ට පමණක් සුවිශේෂී වූ දහමක් නොවේ.

ඉස්ලාමය මෙලොවෙහි සැබෑ සතුට මෙන්ම මතුලොවෙහි සදා සැපත සඳහා වන මාර්ගයයි.

ආත්මයේ සහ ශරීරයේ අවශ්යතා සපුරාලීමට සහ සියලු මිනිස් ගැටලු විසඳීමට හැකි එකම ආගම ඉස්ලාමය වේ.

උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:

{قَالَ اهْبِطَا مِنْهَا جَمِيعًا بَعْضُكُمْ لِبَعْضٍ عَدُوٌّ فَإِمَّا يَأْتِيَنَّكُمْ مِنِّي هُدًى فَمَنِ اتَّبَعَ هُدَايَ فَلا يَضِلُّ وَلا يَشْقَى "නුඹලා දෙදෙනා සියල්ල සමග පහළට බසිනු. නුඹලාගෙන් ඇතැමෙකු ඇතැමෙකුට සතුරුන්ය. මගෙන් නුඹලා වෙත යහ මග පැමිණෙනු ඇත. එහෙයින් කවරෙකු මාගේ යහ මග පිළිපදින්නේ ද එවිට ඔහු නොමග නොයනු ඇත. තවද අභාග්යවන්ත නොවනු ඇත." ඔහු (අල්ලාහ්) පැවසීය."وَمَنْ أَعْرَضَ عَنْ ذِكْرِي فَإِنَّ لَهُ مَعِيشَةً ضَنْكًا وَنَحْشُرُهُ يَوْمَ الْقِيَامَةِ أَعْمَى "තවද මා මෙනෙහි කිරීමට කවරෙකු පිටුපෑවේ ද එවිට නියත වශයෙන්ම ඔහුට පීඩිත ජීවිතයක් ඇත. තවද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අන්ධයකු ලෙස අපි ඔහු ව නැවත නැගිටුවන්නෙමු."(20: 123,124)

ඉස්ලාමය තුළට පිවිසීමෙන් මා ලබන ඵලය කුමක් ද?

ඉස්ලාමය තුළට පිවිසීමෙන් ඉමහත් ප්රයෝජනය රැසක් ඇත. ඒවා නම්:

- මිනිසා අල්ලාහ්ට පමණක් ගැතිකම් පාමින් මෙලොව ජය හා ගෞරවය හිමි කර ගැනීම. එසේ නොවූ විටෙක, ඔහු ආත්මයට, ෂෙයිතාන්ට හා ආශාවන්ට වහල් වනු ඇත.

- පරලොව ශ්රේෂ්ඨතම ජයග්රහණය නම් අපා ගින්නේ දඬුවමින් මිදී, ස්වර්ගයට ඇතුළු වී, අල්ලාහ්ගේ තෘප්තිය සහ ස්වර්ගයේ සදාකාලිකත්වය දිනා ගැනීමයි.

- අල්ලාහ් කවරෙකු ස්වර්ගයට ඇතුළත් කරන්නේ ද, මිය යෑමක් හෝ රෝගී භාවයක් හෝ වේදනාවක් හෝ දුකක් හෝ ශෝකයක් හෝ නොමැතිව සදා සැප පහසුකම් තුළ ඔවුන් ජීවත් වනු ඇත. එමෙන්ම ඔවුන් අපේක්ෂා කරන සියලු දෑ ඔවුන් ලබනු ඇත.

- ස්වර්ගයේ කිසිදු ඇසක් නො දුටු, කිසිදු කනක් සවන් නො දුන්, කිසිදු මිනිසකු විසින් උපකල්පනය නො කළ සැප පහසුකම් ඇත.

ඒ සඳහා වන සාධක උත්තරීතර අල්ලාහ්ගේ ප්රකාශ වේ.﴿مَنۡ عَمِلَ صَـٰلِحࣰا مِّن ذَكَرٍ أَوۡ أُنثَىٰ وَهُوَ مُؤۡمِنࣱ فَلَنُحۡیِیَنَّهُۥ حَیَوٰةࣰ طَیِّبَةࣰۖ وَلَنَجۡزِیَنَّهُمۡ أَجۡرَهُم بِأَحۡسَنِ مَا كَانُوا۟ یَعۡمَلُونَ﴾ "යම් පිරිමියකුගෙන් හෝ වේවා කාන්තාවකගෙන් හෝ වේවා දේවත්වය විශ්වාස කරන්නෙකු ලෙස සිට යමෙකු දැහැමි කටයුත්තක් කළේ ද එවිට යහපත් ජීවිතයක් අපි ඔහුට උදා කරන්නෙමු. තවද ඔවුන් සිදු කරමින් සිටි දෑට ඉතා යහපත් අයුරින් ඔවුන්ගේ ප්රතිඵල අපි ඔවුනට පිරිනමන්නෙමු."(16: 97)

මම ඉස්ලාමය ප්රතික්ෂේප කළේ නම් මා ලබන අලාභය කුමක් ද?

මිනිසාට ශ්රේෂ්ඨතම දැනුම වන අල්ලාහ් පිළිබඳ දැනුම සහ අවබෝධය අහිමි වී යයි. ඔහුට මෙලොව ආරක්ෂාව සහ සන්සුන් භාවය මෙන්ම මරණින් මතු ජීවිතයේ සදාකාලික සතුට හිමිකර දෙන අල්ලාහ් කෙරෙහි වූ විශ්වාසය නැති වී යයි.

අල්ලාහ් මිනිසුන්ට හෙළි කළ ශ්රේෂ්ඨතම ග්රන්ථය දෙස බැලීමටත් එම ශ්රේෂ්ඨ ග්රන්ථය කෙරෙහි විශ්වාස කිරීමටත් මිනිසාට නොහැකි වනු ඇත.

ශ්රේෂ්ඨ වක්තෘවරුන් කෙරෙහි විශ්වාසය නැති වී යනු ඇත. එමෙන්ම නැවත නැගිටුවනු ලබන දිනයේදී ස්වර්ග උයනේ ඔවුන් සමග වන සම්බන්ධතාව ද අහිමි කර ගනු ඇත. ඔහු ෂෙයිතානුන්, අපරාධකරුවන් සහ දුෂ්ඨයින් සමඟ අපා ගින්නේ සිටින අතරම එම නිවහන හා අසල්වැසිකම නපුරු වනු ඇත.

උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:

قُلْ إِنَّ الْخَاسِرِينَ الَّذِينَ خَسِرُوا أَنْفُسَهُمْ وَأَهْلِيهِمْ يَوْمَ الْقِيَامَةِ أَلا ذَلِكَ هُوَ الْخُسْرَانُ الْمُبِينُ (15) "...(නබිවරය!) 'නියත වශයෙන් ම පරාජිතයින් වනුයේ මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ තමන්ට හා තම පවුලට පාඩු ඇති කර ගත්තවුන් ය. දැන ගනු! එයයි ප්රකට පරාජය' යැයි නුඹ පවසනු."لَهُمْ مِنْ فَوْقِهِمْ ظُلَلٌ مِنَ النَّارِ وَمِنْ تَحْتِهِمْ ظُلَلٌ ذَلِكَ يُخَوِّفُ اللَّهُ بِهِ عِبَادَهُ يَا عِبَادِ فَاتَّقُونِ } . "ඔවුනට ඉහළින් (නිරා) ගින්නෙන් වූ මහල් ද ඔවුනට පහළින් මහල් ද ඔවුනට ඇත. එය වනාහි අල්ලාහ් එමඟින් තම ගැත්තන් බිය ඇති කරවයි. 'අහෝ මාගේ ගැත්තනි! එහෙයින් නුඹලා මට බිය බැතිමත් වනු.' (යැයි තවදුරටත් පවසනු.)"(39: 15,16)

තීරණය ප්රමාද නොකරන්න!

මෙලොව සදාකාලික වාසස්ථානය නොවේ...

සෑම සුන්දරත්වයක්ම ඉන් අතුරුදහන් වනු ඇත. සෑම ආශාවක්ම නිවී යනු ඇත...

ඔබ ඉදිරිපත් කළ සෑම දෙයක් සඳහාම ඔබ වග කියන දිනය මතු පැමිණෙනු ඇත. එය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයි. උත්තරීතරයාණන් මෙසේ පැවසීය:{وَوُضِعَ الْكِتَابُ فَتَرَى الْمُجْرِمِينَ مُشْفِقِينَ مِمَّا فِيهِ وَيَقُولُونَ يَا وَيْلَتَنَا مَالِ هَذَا الْكِتَابِ لاَ يُغَادِرُ صَغِيرَةً وَلاَ كَبِيرَةً إِلاَّ أَحْصَاهَا وَوَجَدُوا مَا عَمِلُوا حَاضِرًا وَلاَ يَظْلِمُ رَبُّكَ أَحَدًا} "තවද වාර්තා පොත තබනු ලැබේ. එවිට වැරදිකරුවන් එහි ඇති දෑ ගැන බියට පත්වෙමින් සිටිනු නුඹ දකිනු ඇත. තවද ඔවුහු 'අහෝ අපගේ විනාශය! මෙම වාර්තාව ට කුමක් සිදු වී ඇත් ද? එය කුඩා දෙයක් හෝ මහා දෙයක් හෝ සටහන් කර තිබෙනු මිස කිසිවක් අත්හැර නැත. තවද ඔවුන් සිදු කළ දේ (ඔවුන්) ඉදිරියේම ඔවුහු දැක ගනිති. නුඹගේ පරමාධිපති කිසිවකුට අපරාධයක් නොකරයි."(18:49)

සැබැවින්ම ඉස්ලාමය පිළි නො ගත් තැනැත්තා, සදාතනික අපා ගින්න ඔහුගේ නවාතැන වන බව සර්ව බලධාරී අල්ලාහ් දන්වා ඇත.

එහෙයින් එම පාඩුව පහසු පාඩුවක් නොව, බරපතල පාඩුවකි. උත්තරීතර අල්ලාහ් මෙසේ පැවසීය:{وَمَن يَبْتَغِ غَيْرَ الْإِسْلَامِ دِينًا فَلَن يُقْبَلَ مِنْهُ وَهُوَ فِي الْآخِرَةِ مِنَ الْخَاسِرِينَ } "කවරෙකු ඉස්ලාමය හැර වෙනත් දහමක් සොයන්නේ ද එවිට ඔහුගෙන් කිසිවක් පිළිගනු නොලබන්නේ ම ය. තවද ඔහු මතු ලොවෙහි අලාභ වන්තයින් අතුරින් කෙනෙකි."(3:85)

ඉස්ලාම් ධර්මය වනාහි, එය හැර වෙනත් කිසිදු ධර්මයක් දෙවියන් අල්ලාහ් පිළිගන්නේ නැත.

අප මැව්වේ අල්ලාහ්ය. අපි හැරී යන්නේ ද ඔහු වෙතය. මෙලොව අපට පරීක්ෂණයකි.

ඔබ ස්ථීරව සිටින්න: සැබැවින්ම මේ ජීවිතය සිහිනයක් තරම් කෙටි ය... තමන් කවදා මිය යනු ඇත්දැයි කිසිවෙකු දන්නේ නැත!

සත්යය ඔබ අනුගමනය නොකළේ මන් ද? අවසන් දූතයාණන් නො පිළිපැද්දේ මන්ද යැයි මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔබෙන් ඔබේ මැවුම්කරු විමසා සිටින විට ඔබේ පිළිතුර කෙසේනම් වනු ඇත් ද?

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ කවර කරුණකින් ඔබ ඔබේ පරමාධිපතිට පිළිතුරු දෙන්නෙහි ද? ඉස්ලාමය ප්රතික්ෂේප කරන කරුණු අනුගමනය කිරීම ගැන සැබැවින්ම ඔහු ඔබට අවවාද කර ඇත. සැබැවින්ම දේවත්වය ප්රතික්ෂේප කළ කාෆිර් වරුන්ගේ නවාතැන අපා ගින්නේ සදාතනික විනාශය බව ඔහු ඔබට දැනුම් දුන්නේය.

උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත.﴿وَالَّذِينَ كَفَرُوا وَكَذَّبُوا بِآيَاتِنَا أُولَئِكَ أَصْحَابُ النَّارِ هُمْ فِيهَا خَالِدُونَ﴾ "දේවත්වය ප්රතික්ෂේප කොට අපගේ වදන් බොරු කළවුන් වන ඔවුහුමය නිරා ගින්නෙහි සගයෝ. ඔවුහු එහි සදාතනිකයෝ වෙති."[2: 39]. (2:39)

සත්යය අතහැර දමා තම මුතුන් මිත්තන් අනුකරණය කරන අයට සමාවක් නැත.

බහුතරයක් දෙනා තමන් ජීවත් වන පරිසරයට බියෙන් ඉස්ලාම් ආගමට පිවිසීම ප්රතික්ෂේප කරන බව සර්ව බලධාරී අල්ලාහ් අපට දන්වා ඇත.

බොහෝ අය ඉස්ලාමය ප්රතික්ෂේප කරනුයේ. ඔවුන්ට තම මුතුන් මිත්තන්ගෙන් උරුම වූ හෝ ඔවුන්ගේ පරිසරයෙන් හා සමාජයෙන් ලබා ගත් සහ ඒ මත පුරුදු පුහුණු වී ඇති ඔවුන්ගේ විශ්වාසයන් වෙනස් කිරීමට කැමැත්තක් නැති බැවිනි. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ඉන් වළක්වාලීයේ මුරණ්ඩුකම සහ ඔවුන්ට උරුම වූ මිථ්යාව කෙරෙහි වූ කැමැත්තයි.

මේ සියලු දනන්හට මේ සඳහා නිදහසට කරුණක් නොමැති අතර, ඔවුන් කිසිදු සාධකයකින් තොරව අල්ලාහ් ඉදිරියෙහි පෙනී සිටිනු ඇත.

අදේව වාදියා 'මම අදේවවාදී පවුලක ඉපදුණු බැවින් අදේව වාදය මතම රැඳී සිටිමි' යැයි පැවසීම නිදහසට කරුණක් නොවේ. ඒ වෙනුවට අල්ලාහ් ඔහුට පිරිනමා ඇති බුද්ධිය ඔහු යොදා ගෙන අහස් හා මහපොළොවේ විශාලත්වය ගැන සිතා බැලිය යුතුය. මෙම විශ්වයට මැවුම්කරුවකු සිටින බව දැනගනු පිණිස මැවුම්කරු ඔහුට පිරිනැමූ බුද්ධියෙන් කල්පනා කර බැලිය යුතුය. එසේම ගල් හා පිළිමවලට නමදින උදවියද තම දෙමාපියන් අනුකරණය කරන බව පැවසීම ද නිදහසට කරුණක් නොවේ. සත්යය සෙවීමත් කිසිවක් තමන්ට ඇසෙන්නට සැළැස්විය නොහැකි, තමන් දිහා නොබලන, තමන්ට කිසිදු ප්රයෝජනයක් ලබා නොදෙන ඒවාට තමන් නමැදිය හැක්කේ කෙසේදැ?යි තමන් තුළම විමසා ගත යුතුය.

සහජ මනසට, බුද්ධියට පටහැනි කරුණු පිළිබඳ විශ්වාස කරන කිතුනු ජනයා ද එලෙසය. කිසිදු පාපයක් නොකළ තම පුතණුවන් ව සෙසු මිනිසුන්ගේ පාපකම් හේතුවෙන් දෙවිඳුන් ඔහු ඝාතනයට ලක් කරනුයේ කෙසේ ද? එය මහා අපරාධයකි! දේව පුත්රයාව මිනිසුන් කුරුසියේ ඇණ ගසා මරා දැමිය හැක්කේ කෙසේ ද? මිනිසුන් හට සමාව දීම සඳහා තම පුතණුවන් ඝාතනය කිරීමෙන් තොරව ඔවුන්ගේ පාපකම්වලට සමාව දීමට දෙවිඳුන්ට නොහැකි ද? තම පුතණුවන්ව ආරක්ෂා කිරීමට දෙවිඳුන්ට නොහැකි වූයේ ද? යනාදී ලෙස තමන්ගෙන්ම විමසිය යුතුය.

සත්යය පිළිපැදීම බුද්ධිමතා කෙරෙහි වූ වගකීමකි. ව්යාජ දෑ මත සිටින තම මුතුන් මිත්තන් අනුගමනය නොකළ යුතුය.

උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:﴿وَإِذَا قِیلَ لَهُمۡ تَعَالَوۡا۟ إِلَىٰ مَاۤ أَنزَلَ ٱللَّهُ وَإِلَى ٱلرَّسُولِ قَالُوا۟ حَسۡبُنَا مَا وَجَدۡنَا عَلَیۡهِ ءَابَاۤءَنَاۤۚ أَوَلَوۡ كَانَ ءَابَاۤؤُهُمۡ لَا یَعۡلَمُونَ شَیۡـࣰٔا وَلَا یَهۡتَدُونَ﴾ "අල්ලාහ් පහළ කළ දෑ වෙත ද, රසූල්වරයා වෙත ද නුඹලා පැමිණෙනු යැයි ඔවුනට පවසනු ලැබූ විට අපගේ මුතුන් මිත්තන් කවර කරුණක් මත සිටිනු අප දුටුවෙමු ද එය අපට ප්රමාණවත් වේ යැයි ඔවුහු පැවසුවෝය. ඔවුන්ගේ මුතුන් මිත්තන් කිසිවක් නොදැන, ඔවුන් යහමඟ ගමන් නොකර සිටියදී පවා (ඔවුහු පිළිපදින්නෝ) ද?(5:104)

ඉස්ලාමය වැළඳ ගැනීමට අපේක්ෂා කරන, තම ඥාතීන්ගේ හිංසාවට, තමන් භාජනය වනු ඇතැයි බියවන අය සිදු කළ යුත්තේ කුමක් ද?

ඉස්ලාමය වැළද ගන්නට අපේක්ෂා කර, තමන් අවට පරිසරය ගැන බිය වන්නා, ඉස්ලාමය වැළඳ ගත් පසු තමන් ස්වාධීන වී, තම ඉස්ලාමය හෙළි කරන්නට හැකි යහපත් තත්ත්වයක් අල්ලාහ් ඔහුට පහසු කර දෙන තෙක් තම ඉස්ලාමය රහසිගතව තබා ගැනීමට ඔහුට පුළුවන.

එබැවින් ක්ෂණිකවම ඉස්ලාමය පිළිගැනීම ඔබට අනිවාර්ය ය වේ. ඔබ ඉස්ලාමය වැළඳගත් බව ඔබ අවට සිටින්නන් හට දැන්වීම ඔබට හානියක් වනු ඇත්නම් එය දන්වා සිටීම හෝ ඒ ගැන ප්රසිද්ධියට පත් කිරීම හෝ ඔබට අනිවාර්යය වන්නේ නැත.

දැනගන්න! ඔබ ඉස්ලාමය වැළඳ ගත්තේ නම් මිලියන ගණන් මුස්ලිම්වරුන්ගේ සහෝදරයකු බවට ඔබ පත්වනු ඇත. ඔබේ ගමේ පිහිටා ඇති මස්ජිද් හෙවත් දේවස්ථාන හෝ මධ්යස්තාන සමග ඔබට සම්බන්ධකම් පවත්වා ගත හැක. ඔවුන්ගෙන් අදහස් හා උපකාර ඉල්ලා සිටිය හැක. ඒ සඳහා ඔවුන් ඔබට උපකාර කරනු ඇත.

උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:

{وَمَنْ يَتَّقِ اللَّهَ يَجْعَلْ لَهُ مَخْرَجًا وَيَرْزُقْهُ مِنْ حَيْثُ لَا يَحْتَسِب} "...තවද කවරෙකු අල්ලාහ්ට බිය බැතිමත් වන්නේ ද ඔහු ඔහුට බැහැර වීමේ මගක් ඇති කරයි... තවද ඔහු නොසිතූ අයුරින් ඔහු(අල්ලාහ්) ඔහුට පෝෂණය කරයි..."(65: 2,3)

හිතවත් පාඨක! ඔබ

ඔබේ මැවුම්කරු දෙවිඳුන් අල්ලාහ් නොවේ ද? ඔහුගේ සියලුම ආශිර්වාදයන් ඔහු ඔබට දායාද කර ඇත. ඔබේ මවගේ කුස තුළ ඔබ කළලයක් ලෙස සිටිය දී ඔහු ඔබට ආහාර පිරිනැමුවේය. ඔබ දැන් ආශ්වාස කරන වාතය ඔබට ඔහු පෝෂණය කළේය. ඔබ ගැන මිනිසුන් තෘප්තියට පත්වීමට වඩා එය අති වැදගත් නොවේ ද?

මෙලොව හා මතුලොව සාර්ථකත්වය සඳහා ජීවිතයේ නැසී යන සියලු සැප සම්පත් කැප කළ යුතු නොවේද? එසේය, අල්ලාහ් මත දිවුරා සිටිමි.!

ඔබේ වැරදි මාර්ගෙය ඔබ නිවැරදි කර ගැනීමට සහ නිවැරදි දේ ඉටුකිරීමට ඔබේ අතීතය ඔබව වළක්වන්නට ඉඩ නොහරින්න.

අද දින ඔබ දේවත්වය විශ්වාස කළ සැබෑ මුඃමින්වරයකු වන්න. සත්යය අනුගමනය කිරීමෙන් ඔබව වළක්වන්න ෂෙයිතාන්ට ඉඩ නො තබන්න!

උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:

{يَا أَيُّهَا النَّاسُ قَدْ جَاءَكُمْ بُرْهَانٌ مِنْ رَبِّكُمْ وَأَنزلْنَا إِلَيْكُمْ نُورًا مُبِينًا (174) "අහෝ මිනිසුනි! නුඹලාගේ පරමාධිපතිගෙන් සාධකයක් පැමිණ ඇත. තවද නුඹලා වෙත පැහැදිලි ආලෝකයක් අපි පහළ කළෙමු." (174)فَأَمَّا الَّذِينَ آمَنُوا بِاللَّهِ وَاعْتَصَمُوا بِهِ فَسَيُدْخِلُهُمْ فِي رَحْمَةٍ مِنْهُ وَفَضْلٍ وَيَهْدِيهِمْ إِلَيْهِ صِرَاطًا مُسْتَقِيمًا (175) } "අල්ලාහ්ව විශ්වාස කොට, ඔහුව තදින් ග්රහණය කර ගත් අය වූ කලී ඔහුගෙන් වූ දයාවෙහි හා භාග්යයෙහි ඔහු ඔවුන් ඇතුළත් කරනු ඇත. තවද ඔහු ඔවුනට ඍජු මාර්ගයෙන් ඔහු වෙත මඟ පෙන්වනු ඇත." (175)(4:174,175)

ඔබේ ජීවිතයේ හොඳම තීරණය ගැනීමට ඔබ සූදානම්ද?

ඉහත සඳහන් කළ මේ සියල්ල ඔබට ගැළපෙන්නේ නම් සහ ඔබ ඔබේ හදවතේ ඇති සත්යය හඳුනා ගත්තේ නම්, ඔබ මුස්ලිම්වරයෙකු වීමට පළමු පියවර ගත යුතුය. ඔබේ ජීවිතයේ හොඳම තීරණය ගැනීමට සහ මුස්ලිම්වරයෙකු වන්නේ කෙසේද යන්න පිළිබඳව ඔබට මග පෙන්වීමට මගෙන් ඔබට උදව් අවශ්ය වන්නේද?

ඔබගේ පාපකම් ඔබ ඉස්ලාම් දහමට පිවිසීමට බාධාවක් බවට පත් කර නො ගන්න. මිනිසකු ඉස්ලාමය වැළඳ ගෙන ඔහුගේ පාපකම් සඳහා ඔහු තම පරමාධිපතිගෙන් පාපක්ෂමාව ඉල්ලා සිටියේ නම් ඔහුගේ පාපකම්වලට ඔහු සමාව දෙන බව අල්ලාහ් ශුද්ධ වූ අල් කුර්ආනයේ අප වෙත දන්වා ඇත. ඔබ ඉස්ලාමයට පැමණීමෙන් පසුව පවා එලෙසමය. ඔබ ඇතැම් පාපකම් සිදු කර තිබීම ස්වභාවිකය. අපි මිනිසුන් මිස කිසිදු පාපයක් නො කරන දේව දූතයෝ නොවෙමු. නමුත් අපෙන් අපේක්ෂා කරනුයේ අපි අල්ලාහ්ගෙන් සමාව අයදීමත් පශ්චාත්තාප වී ඔහු වෙත යොමු වීමත්ය. සැබැවින්ම ඔබ සත්ය පිළිගැනීමට යුහුසුළු වීම, ඔබ ඉස්ලාමයට පිවිසීම, ඔබ ප්රතිපත්තිමය ප්රකාශ දෙක පැවසීම අල්ලාහ් ඔබෙන් දුටු විටෙක, සෙසු පාපයන් අත්හැරීමට ඔහු ඔබට උපකාර කරනු ඇත. එහෙයින් කවරෙකු අල්ලාහ්ව පිළිගෙන සත්යය අනුගමනය කරන්නේ ද අල්ලාහ් ඔහුට අමතර යහපත ආශිර් වාද කරනු ඇත. එහෙයින් දැන් ඔබ ඉස්ලාමය තුළ පිවිසීමට පසුබට නොවන්න.

ඒ සඳහා වන සාධකයක් ලෙස උත්තරීතර අල්ලාහ්ගේ මෙම ප්රකාශය පිහිටා ඇත.﴿قُل لِّلَّذِینَ كَفَرُوۤا۟ إِن یَنتَهُوا۟ یُغۡفَرۡ لَهُم مَّا قَدۡ سَلَفَ﴾ "(නබිවරය!) අකටයුතුකම් කිරීමෙන් ඔවුන් වැළකී සිටින්නේ නම් පෙර සිදු කළ දෑ ට ඔවුනට සමාව දෙනු ලැබේ..."(8:38)

මුස්ලිම්වරයකු වීමට මා සිදු කළ යුත්තේ කුමක් ද?

ඉස්ලාමය තුළට පිවිසීම පහසු කාර්යයකි. ඒ සඳහා චාරිත්ර වාරිත්ර හෝ රාජකීය කටයුතු හෝ කිසිවකු ඉදිරියේ සිදු කිරීමට අවශ්ය වන්නේ නැත. සාක්ෂියේ ප්රකාශ දෙක ඒවායෙහි තේරුම හොඳින් වටහා ගෙන ඒ ගැන විශ්වාස කරමින් ප්රකාශ කිරීම පමණක් ප්රමාණවත්ය. එනම්: 'අෂ්හදු අන් ලා ඉලාහ ඉල්ලල්ලාහු වඅෂ්හදු අන්න මුහම්මදන් රසූලුල්ලාහ් (නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නොමැති බව මම සාක්ෂි දරමි. මුහම්මද් තුමාණන් අල්ලාහ්ගේ දූතයාණන් බව ද මම සාක්ෂි දරමි)' යන්නයි. එය අරාබි බසින් පැවසීම ඔබට පහසු නම්, එය යෝග්ය ය. නමුත් එය ඔබට අපහසු නම් ඔබේ බසින් එය උච්චාරණය කිරීම ඔබට ප්රමාණවත්ය. එමගින් ඔබට මුස්ලිම්වරයකු විය හැක. ඉන්පසුව මෙලොව සතුටට හා මතුලොව ඔබේ ජයග්රහණයට මූලික වන ඔබේ දහම හැදෑරීම ඔබට අනිවාර්යය වනු ඇත.

ඉස්ලාමය පිළිබඳ වැඩි විස්තර සඳහා, පහත වෙබ් අඩවියට පිවිසීමට මම ඔබට නිර්දේශ කරමි:

ශුද්ධ වූ අල්-කුර්ආන් සිංහල පරිවර්තනයේ සබැඳිය...:

ඉස්ලාමය පිළිපැදිය යුතු ආකාරය ඉගෙන ගැනීමට, ඔබ මෙම වෙබ් අඩවියට පිවිසෙන ලෙස අපි නිර්දේශ කරමු:

මා මැව්වේ කවුද? ඒ කුමකට ද?පවතින සෑම දෙයක්ම මැවුම්කරුවකුගේ පැවැත්ම පෙන්වා දෙයි.

උත්තරීතර හා පාරිශුද්ධ වූ අල්ලාහ්

උත්තරීතර ශුවිසුද්ධයාණන්ගේ ගුණාංග

නැමදුම් ලබන පරමාධිපතියාණන් පූර්ණවත් ගුණාංග තුළින් වර්ණනා කරනු ලබන්නෙකු විය යුතුය.

දිව්ය පණිවිඩයෙන් තොරව මැවුම්කරු අප අත්හැර දැමිය හැකි ද?

පාරිශුද්ධ අල් කුර්ආනය

මෙතරම් දූතවරු සංඛ්යාවක් කුමකට ද?

සියලුම දූතවරුන් විශ්වාස කරන තෙක් පුද්ගලයකු දේව විශ්වාසී මුඃමින්වරයකු වන්නේ නැත.

ඉස්ලාම් යනු කුමක් ද?

ඊසා (අලයිහිස් සලාම්) හෙවත් ජේසු තුමා පිළිබඳ මුස්ලිම්වරුන් දරන මතය කුමක් ද?

මම මුස්ලිම්වරයකු වීමට මට අවශ්ය වනුයේ කුමක් ද?

ඉස්ලාමය සතුට සඳහා වන මාර්ගයයි

ඉස්ලාමය තුළට පිවිසීමෙන් මා ලබන ඵලය කුමක් ද?

මම ඉස්ලාමය ප්රතික්ෂේප කළේ නම් මා ලබන අලාභය කුමක් ද?

තීරණය ප්රමාද නොකරන්න!

සත්යය අතහැර දමා තම මුතුන් මිත්තන් අනුකරණය කරන අයට සමාවක් නැත.

ඉස්ලාමය වැළඳ ගැනීමට අපේක්ෂා කරන, තම ඥාතීන්ගේ හිංසාවට, තමන් භාජනය වනු ඇතැයි බියවන අය සිදු කළ යුත්තේ කුමක් ද?

හිතවත් පාඨක! ඔබ

ඔබේ ජීවිතයේ හොඳම තීරණය ගැනීමට ඔබ සූදානම්ද?

මුස්ලිම්වරයකු වීමට මා සිදු කළ යුත්තේ කුමක් ද?


معلومات المادة باللغة العربية