×

අත් තව්හීද් පුශ්න හා පිළිතුරැ ළමා පොත් (සිංහල)

සකස් කිරීම: රෂීද්

Description

අත් තව්හීද් පිළබඳ පුශ්න හා පිළතුරු මගින් කුඩා දරුවන්ට අල්ලාහ් පටන් ස්වර්ගය හා අපාය සම්බන්ධ සියලු කරුණු ගැන මබා අවබෝධයක් ලබා දීම

Download Book

    තව්හීද් ගැන පහදා දීම ප්රශ්න හා පිළිතුරු මගින්

    ] සිංහල – Sinhala –[ سنهالي

    හයා අල් රෂීද්

    සිංහල පරිවර්තනය

    මාහිර් රම්දීන්

    2013 - 1434

    أسئلة وأجوبة في التوحيد (للأطفال)

    « باللغة السنهالية »

    هيا الرشيد

    ترجمة: ماهر رمدين

    2013 - 1434

    ඔබේ අවධානය පිණිස

    “නුඹලා කෘතවේදී වන්නෙහු නම් අපි නුඹලාට අධික කර දෙන්නෙමු“ යැයි අල්ලාහ් පවසයි. (සූරා ඉබ්රාහිම් : 7)

    අල්ලාහ්ගේ දූතයාණන් සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් ප්රකාශ කළ බව අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරයි.

    “ආහාරයක් අනුභව කර ඒ වෙනුවෙන් අල්ලාහ්ට ප්රශංසා කරන, තවද පානයක් පානය කර ඒ වෙනුවෙන් අල්ලාහ්ට ප්රශංසා කරන ගැත්තෙකු පිළිබඳව සැබැවින්ම අල්ලාහ් තෘප්තියට පත්වන්නේය.“ (මුස්ලිම්)

    ඉස්ලාමයේ මූලික ප්රතිපත්තීන් පිළිබඳව මනා අවබෝධයක් ලබා දෙනු පිණිස මෙම කුඩා පොත් පිංචය ප්රශ්න හා පිළිතුරු යන ආකාරයෙන් සකසා ඇත. ඔබට මෙහි සඳහන් මූලික ප්රශ්න හා පිළිතුරු සම්බන්ධව මනා අවබෝධයක් ලබන්නේ නවම්, එය මෙලොව හා පරලොව ජීවිතයට මහඟු කාරණයක් වන්නේය.

    ප්රශ්න 1. උත්තරීතර අල්ලාහ් සිටින්නේ කොහේ ද?

    පිළිතුරු අහසේ.

    ප්ර 2 අල්-උර්වතුල් වුස්කා යනු කුමක් ද?

    පි නැමදුමට අල්ලාහ් හැර වෙනත් දෙවිඳෙකු නැත යන අර්ථය ගෙන දෙන ලා ඉලාහ ඉල්ලල්ලාහු යන පදයයි.

    ප්ර 3. අල්ලාහ්ට අලංකාරවත් නාමයන් කොපමණක් තිබේ ද?

    පි. අනූ නවයකි. (99)

    ප්ර 4. මලක්වරු මවනු ලැබුවේ කුමකින් ද?

    පි ආලෝකයෙන්

    ප්ර 5. මිනිසා මවනු ලැබවේ කුමකින් ද?

    පි මැටියෙන්.

    ප්ර 6. ජින් මවනු ලැබුවේ කුමකින් ද?

    පි ගින්නෙන්.

    ප්ර 7. ඉබ්රාහීම් (අලෙයිහිස් සලාම්) තුමාණන්ගේ ආගන්තුකයින් වූයේ කවර මලක්වරුන්ද?

    පි ජිබ්රීල් - ඉස්රාෆීල් - මීකායීල්

    ප්ර 8. නිරයේ දොරටු ගණන කොපමණ ද?

    පි දොරටු හතකි.

    ප්ර 9. සල්සබීල් යනු කුමක් ද?

    පි. ස්වර්ගයේ ඇති උල්පතකි.

    ප්ර 10. ස්වර්ගයේ දොරටු ගණන කොපමණ ද?

    පි දොරටු අටකි

    ප්ර 11. මිනිසාගේ ආත්මාව පිහිටා ඇති ස්වරූප මොනවා ද ?

    පි අන්-නෆ්සුල් මුත්මඉන්නාහ්

    අන්-නෆ්සුල් ලව්වාමා

    අන්-නෆ්සුල් අම්මාරා

    ප්ර 12. සහාබාවරුන්ට බැන වැදීමේ නීතිය කුමක් ද?

    පි එය දෙවියන් ප්රතික්ෂේප කිරීමකි

    ප්ර 13. සූර් නළාව පිඹීමේ කටයුත්ත භාර කරනු ලැබූ මලක්වරයා කවුද?

    පි ඉස්රාෆීල් (අලෙයිහිස් සලාම්)

    ප්ර 14. පාපක්ෂමාවේ දොරටු වැසෙනුයේ කවදා ද?

    පි ප්රානය ශරීරයෙන් බැහැර වූ විට එසේ නැතිනම් හිරු බටහිරින් උදාවන විට

    ප්ර 15. නිරයේ භාරකරුවාගේ නම කුමක් ද?

    පි මාලික්

    ප්ර 16. ස්වර්ගයේ භාරකරුවාගේ නම කුමක් ද?

    පි රිළ්වාන්

    ප්ර 17. ඉස්ලාම් දහමේ පියවර කොපමණක් තිබේ ද?

    පි 3 කි. එනම් අල්-ඉස්ලාම්, අල්-ඊමාන්, අල්-ඉහ්සාන්.

    ප්ර 18. ඉස්ලාමයේ මූලික කරුණු (වගකීම්) කොපමණ ද?

    පි මූලික කරුණු (වගකීම්) පහකි.

    ප්ර 19. ඊමානයේ මූලික කරුණු කොපමණ ද?

    පි මූලික කරුණු හයකි.

    ප්ර 20. ඉහ්සාන්හි මූලික කරුණු කොපමණ ද?

    පි එක් කරුණකි

    ප්ර 21. අවසාන හෝරාව සිදුවනුයේ කවර දිනයක ද?

    පි ජුමුආ (සිකුරාදා) දිනයක

    ප්ර 22. අල්ලාහ් ඉදිරියේ මහා පාපය කුමක් ද?

    පි අල්ලාහ්ට ආදේශ තැබීමය.

    ප්ර 23 ප්රථමයෙන් මවනු ලැබුවේ ජින්නුන් ද නැතිනම් මිනිසුන් ද?

    පි ජින්නුන්

    ප්ර 24. නපුරක් සිතූ විටක වරදකරුවෙකු බවට මිනිසෙකු පත් වනුයේ කවර අවස්ථාවක ද?

    පි මක්කාහ්වේ හරම් නම් තහනම් සීමාව තුළ සිටිනා අවස්ථාවේ.

    ප්ර 25. රසූල් හා නබි අතර වූ වෙනස කුමක් ද?

    පි රසූල් යනු, තමන් වෙත දේව පණිවිඩ පහළ කරනු ලැබී එය සෙසු අයට ප්රචාරය කිරීමට විධානය කරනු ලැබූ අයයි. නබි යනු තමන් වෙත දේව පණිවිඩ පහළ වූ නමුත් එය සෙසු අයට ප්රචාරය කිරීමට විධානය කරනු නොලැබූ අයයි.

    ප්ර 26. ලා ඉලාහ ඉල්ලල්ලාහු යන පදයේ තේරුම කුමක් ද?

    පි අල්ලාහ් හැර නැමදුම් ලබන්නට සුදුස්සෙක් නොමැත යන්නයි.

    ප්ර 27. යුදෙව්වන් කණ්ඩායම් කීයකට බෙදී යනු ඇත් ද?

    පි කණ්ඩායම් 71 කට

    ප්ර 28. කිතුනුවන් කණ්ඩායම් කීයකට බෙදී යනු ඇත් ද?

    පි කණ්ඩායම් 72 කට

    ප්ර 29 මුස්ලිම්වරුන් කණ්ඩායම් කීයකට බෙදී යනු ඇත් ද?

    පි කණ්ඩායම් 73 කට

    සිත සුව පිණිස

    නබි(සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ ප්රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) විසින් වාර්තා කරන ලදී.

    මිනිසෙකු වියළි භූමියක සැරිසරමින් සිටින අවස්ථාවක. මොහුගේ උයනට වැසි වස්වන්නැයි වළාකුළු අතර හඬක් ඔහුට ඇසින. වළාකුළ ද ඒ දෙසට ඇදී ගියේය. එහි ජලය ගල් සහිත භූමියක හැලීය. එහි ජලය ගලා යන කුඩා ඔයක් විය. එය සියලූ ජලය ලබාගෙන ගලන්නට විය. එය පිටුපසින් එම මිනිසා ද ගියේය. එවිට උයනක සිටි මිනිසෙකු උදැල්ලක ආදාරයෙන් ජලය හරවන්නට විය. ඔහු දෙස බලා එම මිනිසා අල්ලාහ්ගේ ගැත්තාණනි, ඔබේ නම කුමක් ද? ඔහු 'මම මොහු' යැයි තමන්ට වළාකුළු අතුරින් අසන්නට ලැබූ නාමය පවසා සිටියේය. මේ ජලය ගලා ආ වළාකුල තුළින් මතු වූ හඬකට මම සවන් දුනිමි මේ පුද්ගලයාගේ යැයි නුඹේ නම පවසමින් නුඹේ උයනට ජලය සපයන්නැයි කියා සිටියේ ය. නුඹ මෙහි කුමක් කළෙහි ද? එවිට ඔහු ඔබ මෙසේ පවසා සිටින බැවින්, එසේ එය සිදු වූයේ මෙයින් (මෙම වගාබිමෙන්) පිටවන දෑ පිළිබඳව මම සැළකිලිමත් වන බැවිනි. එහි තුනෙන් එක් කොටසක් දන් දෙන්නෙමි. තුනෙන් කොටසක් මා ද මාගේ පවුලේ අය ද ආහාර වශයෙන් ලබා ගන්නෙමි. ඉතිරි තුනෙන් කොටස (වගාව සඳහා) මා නැවත ලබා දුනිමි' යයි පැවසූහ. (මුස්ලිම්)

    ප්ර 30. යහකම් විනාශ කර දමන මහා පාපයන් හත කුමක්ද?

    පි 30 අල්ලාහ්ට ආදේශ තැබීම, හූනියම් කිරීම" කිසිම අයිතියකින් තොරව අල්ලාහ් තහනම් කළ ජීවයක් මැරීම, පොළිය අනුභව කිරීම, අනාථ දරුවන්ගේ දේපල භුක්ති විදීම, යුදමය අවස්ථාවක එයින් පළා යෑම. පතිවත් කාන්තාවන්ට අවලාද කීම.

    ප්ර 31. ස්වර්ගයේ ගස් අතුරින් තුනක් සඳහන් කරන්න.

    පි 31 අල්-කුල්ද්, තූබා, සිද්රතුල් මුන්තහා

    ප්ර 32. අස්හාබුල් අඃරාෆ් යනු කවුරුන් ද?

    පි 32. යහපත හා අයහපත සමසේ කළ අයයි.

    ප්ර 33. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මිනිසුන් අල්ලාහ්ව දකීවිද?

    පි 33. දේව විශ්වාසවන්තයින් පමණක් ඔහුව දකින්නේය.

    ප්ර 34. විශ්වාසය අඩු වැඩි වෙයි ද?

    පි 34 ඔව්, විශ්වාසය අඩු වැඩි වන්නේය. නමුත් අවනතවීම තුළින් විශ්වාසය වැඩි වන්නේය. පාපය තුළින් විශ්වාසය අඩුවී යන්නේය.

    ප්ර 35. උතුම්ම ඉබාදතය (නැමදුම) කුමක් ද?

    පි 35 ප්රාර්ථනාවයි.

    ප්ර 36. තව්හීද් වදනෙහි කොන්දේසි මොනවාද?

    පි 36. තිර විශ්වාසය, දැඩි ආශාව, සත්යය

    ප්ර 37. ගැත්තෙකු හඳුනාගත යුතු මූලික කරුණු තුන මොනවා ද?

    පි 37. ගැත්තා තම පරමාධිපති පිළිබඳව ද ඔහුගේ දහම පිළිබඳව ද ඔහුගේ නබිවරයාණන් වන මුහම්මද් සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් පිළිබඳව ද හඳුනාගෙන සිටිය යුතුයි.

    ප්ර 38. අල්ලාහ්ගේ කෝපයට ලක් වූ අය කවුරුන් ද?

    පි 38 යුදෙව්වන්

    ප්ර 39. සත්යයෙන් මුලාවූවන් කවුරුන් ද?

    පි 39. කිතුනුවන්.

    ප්ර 40 අල්ලාහ් තම ධර්ම දූතයින් වෙත පහළ කළ පුස්තක සඳහන් කරන්න.

    පි 40 අල්-කුර්ආන්, අත්-තව්රාත්, අල්-ඉන්ජීල්, අස්-සබූර්, ඉබ්රාහිම් හා මූසා තුමාණන්ට ලැබූ දේව ලිපි.

    ප්ර 41. නබිවරු හා රසූල්වරු තම ජනයාව ඇරයුම් කළේ කවර දෙයක් කෙරෙහි ද?

    පි 41 ඒකීය වන අල්ලාහ්ට පමණක් එකසිතින් නැමදුම් කිරීමට හා ඔහුට කිසිවක් ආදේශ නොතැබීමටත්ය.

    ප්ර 42. තව්බා (පශ්චාත්තාපයේ) කොන්දේසි මොනවා ද?

    පි 42. කළ පවින් බැහැර වීම, කළ පාපය පිළිබඳව පසුතැවිලි වීම, නැවතත් එම පව වෙත යොමු නොවන බවට ස්ථීර ලෙස අදිටන් කරගැනීම.

    ප්ර 43. ජය ලබන කණ්ඩායම කවුරුන්ද?

    පි 43 අහ්ලූස් සුන්නා වල්ජමාආ නම් කුර්ආනය හා නබිතුමාගේ සුන්නාහ්ව පිළිපදින අයයි.

    ප්ර 44. අල්ලාහ් යන වචනයේ තේරුම කුමක් ද?

    පි 44. තම මැවීම් සියල්ලගේ නැමදුමට පාත්ර විය යුතු හා දේවත්වය සතු අයයි.

    ප්ර 45. අප වෙත අල්ලාහ් අනිවාර්ය කළ ප්රථම කරුණ කුමක් ද?

    පි 45. සියලූ දුෂ්ට බලවේගයන් ප්රතික්ෂේප කිරීමත්, අල්ලාහ් කෙරෙහි විශ්වාස තැබීමත්ය.

    ප්ර 46. මුඃජිසා හෙවත් ප්රාතිහාර්යය යනු කුමක් ද?

    පි 46. සුපුරුදු ක්රියාවට වෙනස්ව අසාමාන්ය ලෙස නබිවරුන් හා රසූල්වරුන්ගේ දෝතට අල්ලාහ් ලබා දී ඇති පුදුමයන් වන්නේය.

    ප්ර 47. කරාමා යනු කුමක් ද?

    පි 47. නබිවරු හා රසූල්වරුන් සම්බන්ධ නොවූ සුපුරුදු ක්රියාවට වෙනස්ව අල්ලාහ් අසාමාන්ය ලෙස තමන්ගේ ගැත්තන් අතුරින් යහපත් ගැත්තෙකුගේ දෝතට ලබා දී ඇති පුදුමයන් වන්නේය.

    ප්ර 48. ඊමාන් (විශ්වාසය) යනු කුමක් ද?

    පි 48. හදවතින් සත්ය කර, දිවෙන් උච්චාරණය කර, අවයව තුළින් ක්රියාවට නැංවීමයි.

    ප්ර 49. අෂ්-ෂිර්කුල් අස්ගර් නම් සුළු ආදේශ තැබීම යනු කුමක් ද?

    පි 49. මූනිච්චාවයි.

    ප්ර 50. අල්ලාහ් කෙරෙහි කැඳවන කැඳවුම් පිහිටිය යුත්තේ කෙසේ ද?

    පි 50. ප්රඥාවෙන් හා යහ උපදෙස් මගිනි.

    ප්ර 51. ප්රතික්ෂේපයේ වර්ග මොනවා ද?

    පි 51. ප්රතික්ෂේප වර්ග දෙකකි

    1. කුෆ්ර් අස්ගර් හෙවත් සුළු ප්රතික්ෂේපයයි. එයින් ඔහු දහමින් බැහැර නොවන්නේය. එනම් අල්ලාහ්ගේ ආශිර්වාදයන් ප්රතික්ෂේප කිරීමයි.

    2. කුෆ්ර් අක්බර් හෙවත් දහමින් පිටුවහල් කරනු ලබන පාපයයි.

    ප්ර 52. සූර් නම් හොරණෑ පිඹීම් වාර තුන මොනවාද?

    පි 52. නෆකතුල් ෆසඃ, නෆ්හතුස්-සඃක්, නෆ්හතුල් බඃස්.

    ප්ර 53. ස්වර්ගයේ නම් සමහරක් සඳහන් කරන්න.

    පි 53. අල්-ෆිර්දවුස්, දාරුස් සලාම්, අර්-රිළ්වාන්, අර්-රව්ළා, දාරුල්-මුත්තකීන්, ජන්නතුන් නඊම්, අද්න්, ජන්නතුල් මඃවා, දාරුල් මුකාමා.

    ප්ර 54. නිරයේ නම් සමහරක් සඳහන් කරන්න.

    පි 54. ජහන්නම්, අල්-ජහීම්, අල්-හුතමා, ලළා, සකර්, අස්-සඊර්, නාරුස් සමූම්.

    ප්ර 55. සබීලූල්ලාහ් යනු කුමක් ද?

    පි 55. අල්ලාහ්ගේ තෘප්පිතය වෙත ළඟා කරන මාර්ගයයි.

    ප්ර 56. අල්-ඉබාදා යනු කුමක් ද?

    පි 56. අභ්යන්තර හා බාහිර ක්රියාවන් ඇතුළුව ප්රකාශයන් අතුරින් අල්ලාහ් තෘප්තියට පත්වන, ඔහු ප්රිය කරන සියලූ දෑට පොදුවේ ප්රකාශ කරන නාමයකි.

    ප්ර 57. ෂෙයිතාන් යන්නෙහි තේරුම කුමක් ද?

    පි 57 යහ දැයින් දුරස් වූ මිනිසාට හෝ ජින්නුන්ට සෙතක් නොසලසන අර්බුධකාරී නපුරු ක්රියාවන්ට සමීප වූ සියලූ දෑ වන්නේය.

    ප්ර 58. ආලමීන් යන්නෙහි තේරුම කුමක් ද?

    පි 58 ආලම් යන පදයේ බහු වචනයයි. එනම් අල්ලාහ් හැර සෙසු සියලූ දෑය.

    ප්ර 59. අල්-ඉස්තිආසා යන්නෙහි තේරුම කුමක් ද?

    පි 59. බැහැර කරනු ලැබූ ෂෙයිතාන්ගෙන් ආරක්ෂාව අල්ලාහ්ගෙන් පැතීමයි.

    ප්ර 60. මලක්වරු සමහරෙකුගේ නාමයන් හා ඔවුන්ගේ ක්රියාවන් සඳහන් කරන්න.

    ජිබ්රීල් - දේව පණිවිඩ ප්රචාරය කිරීම උදෙසා පත් කරනු ලැබූ මලක්වරයාය.

    මීකාඉල් - වැසි වැස්සවීම උදෙසා පත් කරනු මලක්වරයාය'

    ඉස්රාෆීල් - සූර් පිඹීම උදෙසා පත් කරනු ලැබූ මලක්වරයාය.

    අවසන් වටය

    නපුරු බලවේග බොහෝමයක් ඇත. ඒවායන්හි ප්රධානතම දේවල් වනුයේ

    1. ඉබ්ලීස්ය. අල්ලාහ් ඔහු කෙරෙහි ශාප කරත්වා.

    2. අල්ලාහ්ව පිළිගෙන සිටිය දී ඔහු හැර නමදිනු ලබන වෙනත් දෑ

    3. තමන් වෙත නැමදුම් කරන්නැයි මිනිසාට ඇරයුම් කරන්නා.

    4. ගුප්ත ඥානයෙන් යමක් පිළිබඳව තර්ක කරන්නා.

    5. අල්ලාහ් පහළ කළ දෑ හැර වෙනත් දෙයක් ගෙන තීරණයන් ගන්නා.

    معلومات المادة باللغة العربية